IMG-LOGO

අලුත් සමාගමක පළමු ඉන්ධන නැව මේ මාසේ එයි

(අංජුල මහික වීරරත්න)

 විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 

ආගමික ස්ථාන හා කර්මාන්ත අංශයට එම විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කර තිබෙන බව ද පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 අඛණ්ඩ ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම් කරුවන්ගේ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් විජේසේකර  මහතා සඳහන් කළේය.

 මූල්‍ය අර්බුදයට ලක්ව තිබූ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මූල්‍ය ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (4)

අලුත් සමාගමක පළමු ඉන්ධන නැව මේ මාසේ එයි

sukitha Tuesday, 04 July 2023 11:45 PM

ඔබතුමා බොහොම අමාරු සේවයක් කරලනේ ඔය නැව් ගෙන්න ගත්තේ. දැන් නිශ්ශබ්දව හිටියොත් නේද හොඳ? කොහොමත් පෞද්ගලික අංශය ඔබතුමාගේ තනතුරට අදාල නැහැනේ.

:       3       4

සල්ලි Wednesday, 05 July 2023 07:55 AM

කෝ බන් අර ජූලි මාසේ ඉදලා අඩුවට දෙනවා කියපු පෙට්‍රල් . පිටරට සමාගම් තුනක් එනවාය තෙල් අඩුවට දෙනවාය කියා පට්ට බේගල්ද අත ඇරියේ ?

:       4       2

Kazi Shajahan Wednesday, 05 July 2023 10:12 AM

අපිට දැන් තියන මිලට වඩා අඩුවෙන් ගන්ඩ ඵුලුවන්ඩ ,මිල අඩු නැත්තම් වැඩක් නැහැ 100 ආවත්

:       1       3

Manju Wednesday, 05 July 2023 11:12 AM

මුට තියන සන්තෝෂය හෙන ලොකු වැඩක් කරලා වගේ

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 0 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site