IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලුත් ක්ෂුද්‍ර මූල්‍ය නියාමන පනත පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සඳහා පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම උදෙසා 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 07 ක් ගොනු කර ඇත. 

එම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණය හා පාර්ලිමේන්තුවේ 'ආර්ථීක අර්බුදය බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව' විසින් ලබා දෙන ලද මඟ පෙන්වීම ද සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධානය යොමු කර තිබේ.

ඒ අනුව, නව ක්ෂුද්‍ර මූල්‍ය හාණය නියාමන අධිකාරිය පනත හඳුන්වාදීම සඳහා 2025-08-11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය  ලැබී තිබේ. එකී ක්ෂුද්‍ර මූල්‍ය හාණය නියාමන අධිකාරිය පනත් කෙටුම්‍පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

අලුත් ක්ෂුද්‍ර මූල්‍ය නියාමන පනත පාර්ලිමේන්තුවට

sene Tuesday, 23 September 2025 03:54 PM

සමරසිංහ මහත්තයෝ, එල් ඕ එල් සී එකට හානියක් වේද? ඔබේ හොඳට මතක් කලේ කොටස් අගය බැස්සොත්නේ...

:       0       0

ලුම්බිණි Wednesday, 24 September 2025 05:35 AM

ඇත්තටම සිදු විය යුතේ අපේ මුල්‍ය වෙළඳපොල සහ මුල්‍ය ක්‍රමය සම්පුර්ණ ප්‍රතිසන්සංශෝධනය වීමකුයි . මෙය ප්‍රමාණවත් නොවේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site