
( ඉන්දිකා රාමනායක)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් අද ( 09) උදෑසන අරලිගහ මන්දිරයට පැමිණි පිරිස් අගමැතිවරයා හමුවීමෙන් පසුව එම ස්ථානයෙන් පිටත්ව ගෝල්ෆේස් දක්වා ගමන් ඇරැඹු අතරතුර අගමැතිවරයාට ඉවත්වන්නැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමීව විරෝධයේ නිරතවන පිරිස සමඟ දැඩි උණුසුම් තත්වයක් ඇති වූහ.
එහි ඉදිකර ඇති අට්ටාල කඩා බිද දැමීමටද එම පිරිස් කටයුතු කළහ. ආණ්ඩුවට එරෙහිව සාමකාමීව විරෝධතාවයේ නිරත වූ පිරිසට පහරදෙමින් ඔවුන්ගේ අට්ටාල කඩා දමා ඒවා ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි.
මාධ්‍යවේදීන් පිරිසට ද විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇත.
(ජයමාල් චන්ද්‍රසිරි)
වැඩිදුර තොරතුරු මෙතැනින්: ගාලු මුවදොර මිනිස් වැටක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කොටවන එක තමයි ඔවුන්ගේ ආයුදේ...
ලේ ටිකක් දකිනකල් ඔය මනුස්සයා දාලා යන්නේ නැහැ. ඔය ඔක්කොම දේවල් එයා සහ පවුලේ උදවිය ප්ලෑන් කරලා කරන දේවල්.
ඔන්න මහනායක හාමුදුරුවනේ, උපාසක මහත්තයාගේ නියම ස්වරූපය පේනවා නේද? දැන් මිනිස්සු පෝළිම්වල බඩගින්නේ... සමහරු මැරෙනවා. මෙයාලා බලේ රැකගන්න තක්කඩි වැඩ ඔක්කොම කරනවා.
සාමකාමී අරගලයට දේශපාලන හෙන්චයියන් දමා කරනු ලබන මෙවැනි නින්දිත පහරදීම් නිසා ගරු අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව කෙරෙහී පීඩිත සෑම පුරවැසියෙකගේම පිළිකුලට හා වෛරයට පත්වී එළබෙන ආසන්නතම මැතිවරණයේදීම නිසි පිළිතුරු මොවුන්ට ජනතාව ලබාදේවී. එය නම් නියතයි... සහතිකයි.
ආණ්ඩු විරෝධීන්ට වගේම ආණ්ඩුවට සහාය දක්වන අයටත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍ර නිදහස තිබිය යුතුයි. නමුත් ඔවුන් වෙනුවෙන් හඬ නැගීමට බටහිර තානාපති කාර්යාල නොමැති බව සිහිතබා ගත යුතුයි...
විශ්ව විද්‍යාල සිසුන්ට ගහන්න කඳුලු ගෑස් නැද්ද? මෙහෙම විනාශ කරද්දී පොලිසිය බලා ඉන්නේ ඇයි?
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඍජු තීරණ ගත් නායකයෙකි. ඔහු මේ වනවිට තනතුරින් ඉවත්වීමට තීරණය කර ඇත්නම් විරෝධතාකරුවන් කුමන ඉල්ලීම් කළද ඔහුගේ තීරණය වෙනස් නොවනු ඇත. නමුත් අගමැති ධුරයෙන් ඉවත්වීමට පෙර එතුමා රටට ලබාදෙන්නා වූ පණිවිඩය දේශපාලන වශයෙන් රටට වැදගත් වනු ඇත.
කෝ අර ශ්‍රී ලංකා පොලීසිය?
කෝ එතකොට හදිසි නීතිය?
පහන නිමෙන්නට පෙර දැල්වෙනවා ගොඩක් දීප්තියෙන්...!