IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


‘අර්බුදය නිමවනතුරු පාර්ලිමේන්තු භෝජනාගාරය වහන්න‘

(ඩයනා උදයංගනී)

ආර්ථික අර්බුදය නිමා වන තුරු පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන්නැයි තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

2020 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිලධාරී භෝජනාගාර වියදම රුපියල් කෝටි 9ක් නම් මේ වන විට පවතින භාණ්ඩ මිල ගණන් අනුව එය රුපියල් කෝටි 15ක් පමණ විය හැකි බව කී මන්ත්‍රීවරයා මෙවැනි අවස්ථාවක් එවන් විශාල මුදලක් වැයකිරීම සුදුසු නැතැයි ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී හා නිලධාරී භෝජනාගාරවල වසරක වියදම රුපියල් කෝටි 9කට ආසන්න බවට ලංකාදීප අද (18) පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කුරුණෑගල දී අද පැවති මාධ්‍ය හමුවකදීය.

තමන් දිනපතා පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීවරයකු බවත්, පාර්ලිමේන්තුවට නිවසින් ආහාර පාර්සලයක් රැගෙන ඒමේ අපහසුතාවයක් කිසිඳු මහජන නියෝජිතයකුට ඇතැයි තමන් නොසිතන බවත් ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

 භෝජනාගාරය වසාදැමීමෙන් ඉතිරිවන මුදල දුප්පත් ජනතාවගේ කුසගින්න නිවීමේ හෝ අහිංසක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වූ සුභසාධන වැඩපිළිවෙලක් වෙනුවෙන් යොදවන්නැයි තමන් කතානායකවරයාගෙන්, සභානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු භෝජනාගාරයට වසරකට මෙතරම් වියදමක් දැරීමෙන් තමන් අපහසුතාවයෙන් සිටියදී මන්ත්‍රීවරුන් සුඛෝපභෝගී ජීවිත ගතකරන බවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල විය හැකි බව කී මන්ත්‍රීවරයා මෙවැනි අවස්ථාවක එම මුදල රට වෙනුවෙන් කැපකිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව ද කීවේය.



අදහස් (9)

‘අර්බුදය නිමවනතුරු පාර්ලිමේන්තු භෝජනාගාරය වහන්න‘

Vira Friday, 18 March 2022 02:08 PM

අනේ එපා ඔයාලා කන්න.

:       1       23

ravin Friday, 18 March 2022 02:13 PM

ඇයි අර්බුද ඉවර වෙනතුරු පමණක්? පුන්නක්කු බාල්දි 225ක් තියලා සදහටම වහලා දාන්න...

:       1       25

sachith Friday, 18 March 2022 02:29 PM

මෙයාලගේ විහිළු එක්ක බලනකොට විනෝද සමය කැලේ...

:       1       20

Hafeel Friday, 18 March 2022 02:52 PM

මෙයාගේ නායකයා මෛත්‍රී ගෙදරින් කෙසෙල් කොලෙත් ඔතලා කෑම අරගෙන ඇවිත් මුදල් ඉතුරු කරලා, එහෙමම කොළඹ පැජට් පාරේ තියන කොටි ගණන් වටිනා සුඛෝපභෝගී නිවසට යන්නේ විවේක ගන්න...

:       0       24

Tilak Friday, 18 March 2022 07:45 PM

දැනට කරපු හරිය හොඳටම ඇති... ටික දවසකට වහලා ආයෙත් කන්නයි හිතාගෙන ඉන්නේ...

:       0       1

Oscar Friday, 18 March 2022 08:16 PM

කන අයට ඕක ගානක් නැහැ...

:       0       1

wimal Friday, 18 March 2022 08:17 PM

අයියෝ කියන කතා... ඔයිට කළින් තව කෙනෙක් ඕකේ කිව්වා. මේ වගේ අය අපටමනේ... ලබන පාර උඩින්ම දියවන්නාවට යන්න තමයි මේ සෙට් වෙන්නේ...

:       0       1

Jayantha Fernando Saturday, 19 March 2022 07:31 AM

වැඩි හරියක් ඉන්නේ හොරු... දෙන්න ඕනෙ පුන්නක්කු තමයි.

:       0       0

de silva Saturday, 19 March 2022 09:22 AM

ඕකෙ කැන්ටිම ආහාර පාන පිළිබඳ ප්‍රසිද්ධ සමාගමකට දෙන්න. මන්ත්‍රීලට නගරයේ අලෙවි වන මිලට ආහාර මිලදී ගන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site