IMG-LOGO

‘අර්බුදය කලින් දුටු ජනාධිපති අයි.එම්.එෆ් සමග සාකච්ඡා නොකිරීම ගැටලුවක්‘

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා රටේ පවතින අර්බුදය කල් තියා දුටුවේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්න  සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටින බව එහි භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 

ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම  අගය කලත් අද ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න සිදුනොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

"ජනාධිපතිවරයා කියන විදිහට ඔහු මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බව එතුමන් සඳහන් කළා.

මෙවැනි අර්බුදයක් කලින් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර වසරකට රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි. 

ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන ආදායම වැඩිවන බවත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩුකර ගත හැකි බවත් ඔබතුමා පැවසුවා. ඔබ කියන විදිහට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි? ඒ තුළින් ඩොලර් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමි වූ බව ඔබතුමා දන්නවාද? රුපියල ආරක්ෂා කිරීමට ඩොලර් බිලියන 1.5 ක් විතර පුච්චන්න වුණා ජනාධිපතිතුමනි. ඒ වගේම, රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා රටට ඩොලර් බිලියන 2.5 ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමක් අහිමිවුණා. විදේශ විනිමය අර්බුදය දිග් ගැස්සුණේ ඒ විදිහටයි ජනාධිපතිතුමනි. 

රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ඔබ ඉල්ලා සිටිනවා. ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිවයි ජනතාව ඉන්නේ. අනිත් අතට, මේ වගේ ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියල හිතන එකත් වැරදියි. ඒ වගේම, ඉන්ධන සහ විදුලිය කියන්නේ ආර්ථිකයක ගාමක ශක්තිය. හයර් දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? ඔහුට හයර් දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් විදිහට ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එක. ඔබ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. එය නායකයෙකු ලෙස හොඳ දෙයක්. නමුත්, මේ ගැටලු ඇතිවූයේ විචක්ෂණශීලී නොවූ ආර්ථික කළමනාකරණය නිසා යැයි ඔබට බැහැර කළ නොහැකියි. 

ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ඔබතුමා සඳහන් කළා. එය හොඳ දෙයක්. නමුත්, ගැටලුව වන්නේ අර්බුදය කල් තියා දුටුවා නම් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්නයි. මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත් ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18 කට පෙර සිටම සඳහන් කළා. 
අද ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න වෙන්නෙ නෑ ජනාධිපතිතුමනි කියලා අපි එතුමන්ට කියනවා



අදහස් (15)

‘අර්බුදය කලින් දුටු ජනාධිපති අයි.එම්.එෆ් සමග සාකච්ඡා නොකිරීම ගැටලුවක්‘

Nuwn Friday, 18 March 2022 11:05 AM

අර්බුද...මොන අර්බුදයද? අර්බුදය තියෙන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ට මිසක් ප්‍රාඩෝ වලින් පොත් බෙදන්න යන අයට නෙවෙයිනේ...

:       2       24

Dr. Vajira Fernando Friday, 18 March 2022 11:20 AM

අයි එම් එෆ් එකේ උපදෙස් වලින් ගොඩගිය එක රටක් කියන්න පුළුවන්ද​? මෙයාලත් අවුරුදු 73ක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වුණු වැරදි, ආර්ථික ප්‍රතිපත්ති රාමුවෙන් පිට හිතන්න බැරි පොතේ ගුරාලා විතරයි. රට ගොඩගන්න පුළුවන් නිවැරදි දැක්මක්, වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පමණයි.

:       23       72

SisilFriday, 18 March 2022 01:00 PM

එකම විසඳුම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පමණයි..

:       6       13

kamalFriday, 18 March 2022 01:07 PM

මේ ප්‍රතිචාරය සුරක්ෂිතව අරන් තියාගන්න වටිනවා. ජවිපය පත්වුණු දවසට එදා කිව්ව කතා මතක් කරගන්න.

:       1       13

SamanFriday, 18 March 2022 01:22 PM

ජවිපෙ ආවොත් අයි.එම්.එෆ් වෙනුවට චීනෙට යන්නේ... චීනෙට ගිහින් කරගත්තු දේ පේනවනේ...

:       6       13

BandaraFriday, 18 March 2022 01:56 PM

ලෝකයේ අදූෂිත නායකයින් ඉන්න රටවල් චීනයෙන් අධාර අරන් ආර්ථිකය ගොඩනගාගෙන තියෙනවා. අපේ රටේ දූෂිත පාලකයින් ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවලට කොමිස් සමග වැඩි පොලියට ණය අරගෙන ඒවායින් ගසා කාපු නිසයි අපේ රටට මෙහෙම වුණේ... ඒක චීනයේ වරදක් නෙවෙයි.

:       3       10

Hafeel Friday, 18 March 2022 02:14 PM

එතකොට රාජපක්ෂ ආණ්ඩුව චීනෙට නොවේද යන්නේ? පොර්ට් සිටි, යුද මූලස්ථානය ශැංග්‍රිලා හෝටලයට සින්නක්කර ලියලා දුන්නේ ජවිපෙ ද?

:       0       14

Hafeel Friday, 18 March 2022 02:26 PM

ජවිපෙ එකේ සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ඉතා පැහැදිලිව ළඟදී කියා තිබුණා ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයෙන් පමණක් මේ රටේ ණයත් බේරිලා, සහ රටත් සංවර්ධනය කරන්න පුළුවන් කියලා... අයි.එම්.එෆ්. හෝ ඉන්දියාව හෝ චීන හෝ ඇමරිකාවේ පස්සෙන් හෝ යන්න අවශ්‍ය නැහැ. රටතුළ වටිනා සම්පත් සහ ආදායම් තියනවා. හොරාකෑම සහ කොමිස් ගැසීම නිසා තමයි රටට මේ ඉරණම වෙලා තියන්නේ..

:       2       12

මැක්ස් Friday, 18 March 2022 01:25 PM

ජවිපෙත් වෙළෙඳපළ ආර්ථිකය පිළිගන්නවා. ජවිපෙත් සුබ සාධන ආර්ථිකය පිළිගන්නවා. ජවිපෙත් රජයේ රැකියා කාටත් දෙන කතා කියනවා. විදේශ ආයෝජන එපා කියනවා. රට ඉන්න අයගෙන් ඩොලර් 500 ගානේ ඉල්ලගෙන කියනවා. විදේශ මුදල් අර්බුදය විසඳන්නේ...! එසේම, ජවිපෙ ආවොත් පෝලිම් ද තියෙනවාලු. හැබැයි කියුබාවේ වගේ මිනිස්සු ඒවායේ ඉන්නේ සතුටින්ලු. ඉතින් මේ ප්‍රනාන්දු මහතා කියන රට හැදිල්ල එයාලා කරයිද?

:       1       16

Sanath KandyFriday, 18 March 2022 01:46 PM

ජවිපෙ විදේශ ආයෝජන එපා කියන්නේ නෑ. දේශීය හා විදේශ ආයෝජන තුළින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන එක තමයි ජවිපේ ප්‍රතිපත්තිය​...

:       1       12

NissankaFriday, 18 March 2022 01:47 PM

දැන් තියෙන්නේ මංකොල්ලකාරි ආර්ථිකයක්...

:       0       12

රුවන් Friday, 18 March 2022 12:11 PM

එකම සාම්පලයේ රජයන් තවදුරටත් මෙරටට අවශ්‍ය නොවේ. පවුල් පාලනය මින් නිමවිය යුතුයි. ඇත්තටම රට ගොඩ නැගිය හැක්කේ ජාතික ජනබල වේගය හා 43 සේනාංකයේ සුසංයෝගයකටයි.

:       2       65

Sriland Friday, 18 March 2022 12:16 PM

අවුරුදු 70ක් ණය ගත්තේ එක එක බොරු රටට කියලා... දැන් අලුත්ම ණයගැනීමේ බොරුව ඩොලර් නෑ කියන බොරුව. ආණ්ඩුව imf මුලින්ම ගියානම් හැමෝම කෑ ගහනවා. ඒ හින්දයි ඩොලර් නෑ කියලා රට වට්ටලා පෝලිම් හදලා, ජනතාව පාරට බස්සවලා imf ගියාම කවුරුවත් එපා කියන්නේ නෑ. කොහොමද මොලේ? ලංකාවේ හැමදේකටම පෝලිම්...! බඩු නෑ. බඩුමිල වැඩිකරලා... ඒ වුණාට රටබීම, සිගරට් ඕනෑ තරම් සංචිත තියෙනවා. ඒවා ගේන්න ඩොලර් ප්‍රශ්නයක් නැද්ද?

:       2       31

Hafeel Friday, 18 March 2022 12:56 PM

අද ගැනීමට යන තීරණය එදා ගත්තා නම්, එදා 2019 ජනාධිපතිවරණ නාම යෝජනා බාර දෙන මොහොතේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න කළා නම්, අද රටට මෙහෙම වෙන්නේ නැහැ. වත්මන් රටේ තත්වයට සජිත්, අනුර දිසානායක සහ එවකට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියත් වග කියන්න ඕනේ.

:       5       13

sugath Friday, 18 March 2022 04:40 PM

මෙයා ඉතින් අයි.එම්.එෆ් අහලා තමයි වැසිකිළියට යන්නෙත්.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 93 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site