IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අරගලයේ නායකයන් දෙදෙනකුට ඇමැතිකම්

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශ විරෝධතා මෙහෙයවූ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

නහීද් ඉස්ලාම්ට තැපැල්, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයද, අසීෆ් මහමුද්ට යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයද පිරිනමා ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද් 26 වැනි වියේ පසුවන අතර නව අන්තර්වාර රජයේ ළාබලතම උපදේශකයන් දෙදෙනා ලෙස ඉතිහාස පොත් අතරට එක්විය.

රජයේ රැකියා කෝටාව විරෝධයපාමින් පැවැති විරෝධතවලදී ඔවුන් දෙදෙනා පහරකෑමටද ලක්වූ අතර ඔවුන් විරෝධතා සංවිධානය කිරීම හේතුවෙන් එරට රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවටද පත් වූවේය.

අත් අඩංගුවේ සිටියදී පොලිසියේ බලපෑම මත ඔවුන් "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරයෙන් ඉවත් වන බව වීඩියෝ පටයක් මුදා හරිමින් පැවැසුවේය. නමුත් අත් අඩංගුවෙන් නිදහස් වූ වහාම නැවතත් විරෝධතාවලට නායකත්වය ලබා දීමට කටයුතු කළේය.

එසේම බංග්ලාදේශ නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුරේ දිවුරුම් දුන් ආචාර්ය මුහම්මද් යූනුස් නව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඔහුට ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශය, සහ ජනමාධය අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ 27 ක වගකීම පැවැරී ඇත.

 



අදහස් (4)

අරගලයේ නායකයන් දෙදෙනකුට ඇමැතිකම්

Binara Saturday, 10 August 2024 12:47 AM

මෙහෙ කෑගහන හොරගලයන්ටත් ඕනෙ මේකම තමයි.

:       4       7

C.K.Lankaputhra Saturday, 10 August 2024 05:04 AM

අරගලයක සැබෑ අරමුණ නිසි දැක්මකින් යුතු නායකයන් කිුයා කරන ආකාරය මෙයින් පෙන්නුම් කරයි. අපේ උන් කිුයා කලේ ..... හිටපියව්, තොපිට කෙලවන්නං කියලයි. හිටපියව්, තොපට කෙලවන්නම්. .

:       13       39

රංබොඩ Saturday, 10 August 2024 10:16 AM

පවතින වාතාවරණය සංහිඳවීම පිණිස මිසක් මෙවැනි අවනීතික සහ විනයක් නැති, මිනිස්සුන්ට පාලන බලයක් දීමට කිසිවෙකුත් ක්‍රියා නොකරනු ඇත. ඔවුන්ට ගොඩනැගූ දෙයක් විනාශ කරනු විනා වෙනත් කිසිවක් කළ නොහැකි වග පසුව කාටත් පසක්වනු ඇති...!

:       9       19

රසිකSunday, 11 August 2024 12:03 PM

ඇත්ත. දීලම බලන්න ඕන අනාගන්න හැටි බලන්න. ඊටපස්සෙ සදහටම එලියෙ. ලංකාවෙත් කටින් වැඩ කරනු යට බලය ලැබුනොත් ඒ ටිකම තමයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site