
(විමුක්ති එස් රුද්‍රිගු)
බංග්ලාදේශ විරෝධතා මෙහෙයවූ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
නහීද් ඉස්ලාම්ට තැපැල්, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයද, අසීෆ් මහමුද්ට යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයද පිරිනමා ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද් 26 වැනි වියේ පසුවන අතර නව අන්තර්වාර රජයේ ළාබලතම උපදේශකයන් දෙදෙනා ලෙස ඉතිහාස පොත් අතරට එක්විය.
රජයේ රැකියා කෝටාව විරෝධයපාමින් පැවැති විරෝධතවලදී ඔවුන් දෙදෙනා පහරකෑමටද ලක්වූ අතර ඔවුන් විරෝධතා සංවිධානය කිරීම හේතුවෙන් එරට රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවටද පත් වූවේය.
අත් අඩංගුවේ සිටියදී පොලිසියේ බලපෑම මත ඔවුන් "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරයෙන් ඉවත් වන බව වීඩියෝ පටයක් මුදා හරිමින් පැවැසුවේය. නමුත් අත් අඩංගුවෙන් නිදහස් වූ වහාම නැවතත් විරෝධතාවලට නායකත්වය ලබා දීමට කටයුතු කළේය.
එසේම බංග්ලාදේශ නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුරේ දිවුරුම් දුන් ආචාර්ය මුහම්මද් යූනුස් නව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඔහුට ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශය, සහ ජනමාධය අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ 27 ක වගකීම පැවැරී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ කෑගහන හොරගලයන්ටත් ඕනෙ මේකම තමයි.
අරගලයක සැබෑ අරමුණ නිසි දැක්මකින් යුතු නායකයන් කිුයා කරන ආකාරය මෙයින් පෙන්නුම් කරයි. අපේ උන් කිුයා කලේ ..... හිටපියව්, තොපිට කෙලවන්නං කියලයි. හිටපියව්, තොපට කෙලවන්නම්. .
පවතින වාතාවරණය සංහිඳවීම පිණිස මිසක් මෙවැනි අවනීතික සහ විනයක් නැති, මිනිස්සුන්ට පාලන බලයක් දීමට කිසිවෙකුත් ක්‍රියා නොකරනු ඇත. ඔවුන්ට ගොඩනැගූ දෙයක් විනාශ කරනු විනා වෙනත් කිසිවක් කළ නොහැකි වග පසුව කාටත් පසක්වනු ඇති...!