
(විමුක්ති එස් රුද්‍රිගු සහ අංජුල මහීක වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවැති සිව්වැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් අද පැවැසුවේය.
කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටුවේ අනුමැතිය ලැබුණු පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව කාර්යමණ්ඩල එකඟතාවයකට පැමිණි බවත් අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සතුටුදායක බවත් එම අරමුදල පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත අර්බුදයට පෙර පැවති මට්ටම දක්වා යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජයේ ආදායම ඉහළ යමින් , නිල විදෙස් සංචිත ගොඩනැගෙමින් පවතින බවත් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමට ඉතාමත් ආසන්න බවත් වඩාත් වැදගත්ම කාරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදුන් අරමුදල් වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටීම බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.
කෙසේ නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල බලපෑමක් එල්ල කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ඉන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම ඇස්තමේන්තු කිරීමට මෙන්ම ජාත්‍යන්තර මූල්‍යය අරමුදල මෙරටට ලබාදී ඇති අර මුදල් වැඩසටහනේ පරාමිතීන් තුළ සිට එම බලපෑම් ආමන්ත්‍රණය කිරීමට ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සූදානම් කිරීමට එහිදී ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය එක්ව කටයුතු කරනු ඇති බව එම අරමුදල සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
Indrajith Fernando Friday, 25 April 2025 08:23 PM
හොඳ පුවතක්...
Neel Friday, 25 April 2025 11:01 PM
අනුර කුමාර දිසානායක ජනාධිපති ඇතුළුව ආණ්ඩුව රට ස්ථාවර කළ නිසා මේ හැම දෙයක්ම ලංකාවට ලැබෙනවා.
Kamal Saturday, 26 April 2025 12:19 AM
ලප කොටා පොරබදලා පොරබදලා වාරිකය ගත්තා. කිව්වොත් ඉතින් ඉර හඳ වගේ කරනවනේ...
Wenura Saturday, 26 April 2025 03:58 AM
2028 ණය ගෙවන්න පටන් ගද්දිත් අනුර හිටියොත් හොඳයි.
Jothi Saturday, 26 April 2025 10:39 AM
Imf එක කියන්නේ ඇමෙරිකානු බූවල්ලෙක් කියලා හීනෙන් විතරක් බොරු නොකියන කෙනෙක් කිව්වා මතකයි.