
(විමුක්ති එස්. රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.
නොවැම්බර් මසදී 2024 අයවැය යටතේ ප්‍රගතිය මැනීමට ආධාර වන වාර්තා කිහිපයක් ප්‍රසිද්ධ කිරීමත් සමග ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය මෙලෙස ඉහළ ගිය බව වෙරිටේ රිසර්ච් ආයතනය කියයි.
අයි.එම්.එෆ්. මීටරයේ මෙතෙක් ‘නොදනී’ ලෙස වර්ග කර තිබූ කැපවීම් 6ක් පිළිබඳ තොරතුරු එම වාර්තාවලින් ලැබුණු බවත්, ඉන් කැපවීම් 5ක් ශ්‍රී ලංකාව ඉටු කර ඇති බවත් එම ආයතනය සඳහන් කරයි.
නමුත්, තවමත් ආධාර වැඩසටහනේ එක් කැපවීමක් වන බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීම ශ්‍රී ලංකාව ඉටු කර නොමැති බව ද වෙරිටේ රිසර්ච් ආයතනය කියයි.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසන් වන විට ඉටු කළ යුතු කැපවීම් 73න් 12ක් ඉටු කර නොමැති ලෙසත්, 15ක් නොදනී ලෙසත්, 46ක් ඉටු කර ඇති ලෙසත්, අයි.එම්.එෆ්. මීටරයෙන් වර්ග කර තිබෙන බව එම ආයතනය සඳහන් කරයි.
සමස්තයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසාන වන විට ඉටු කළ යුතු කැපවීම්වලින් සියයට 63ක් ශ්‍රී ලංකාව ඉටු කර අවසන් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය කියයි.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයි.එම්.එෆ් ආධාර ප්‍රගතිය හොඳ පැත්තට