IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අයිස් සමග හමුදා සෙබළකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදාවෙන් නිකුත් කරන ලද රාජකාරි හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

සැකකාර හමුදා සෙබළා සන්තකයේ තිබී  සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකාර හමුදා සෙබළා පැලැන්වත්ත සහ පොල්කොටුව අතර මාර්ගයේ පාගමනින් පැමිණෙමින් සිටියදී පොලිස් ජීප් රථය නෙත ගැටීමත් සමගම ඔහුගේ ඉරියව් වෙනස් වීම සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාගේ අවධානය යොමු වීමෙන් පසු ජිප් රථය නවතා සැකකරු පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරු හමුදා සේවයෙන් ඉවත් වූවකු බව ප්‍රශ්න කිරීමේදී පැවසුවත් ඔහු සන්තකේ රාජකාරී හැඳුනුම්පත තිබු බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් යුද හමුදාවට දැනුම් දැනුම්දීමක් සිදුකර වැඩිදුර සොයා බලන බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති සනත් රංජිත් මහතා පැවසීය.

 



අදහස් (0)

අයිස් සමග හමුදා සෙබළකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site