
(ප්‍රදීප් කුමාර)
යාපනය නුනාවිල්හීදී අයිස් මත්ද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වැටලු බව යාපනය පොලිසිය සදහන් කරයි.
එහිදී සැකකරුවන් දෙදෙනකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
යාපනය පොලිසියට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය සකස් කිරීම සදහා යොදා ගන්නා ලද ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ අනුව අදාළ ස්ථානය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.
ඒ අනුව අදාළ නිවසට මුද්‍රාතබා ඇති අතර කොළඹින් රසායන ද්‍රව්‍ය විශ්ලේෂකයින් කැදවා විශ්ලේෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.