IMG-LOGO

අයියාගේ යතුරු පැදියෙන් මල්ලී අවසන් ගමන් යයි

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේදි අද (01) සිදු වු යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය සුමේධගම පදිංචි කේ.වයි.සහන් මධුසංඛ (16) නැමැති සිසු වෙකි.

මියගිය සිසුවා සිය වැඩිමහල් සහෝදරයාගේ යතුරු පැදිය රැගෙන තවත් දෙදෙනකු සමග හිස් වැසුම් රහිතව ඕර්ස්හීල් ප්‍රදෙශයේ ගමන් කරද්දි මෙම අනතුර සිදු වි තිබේ.

අනතුරින් තුවාල ලැබු අනෙක් දෙදෙනා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් අයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියයි.

මියගිය සිසුවාට හො තුවාල ලැබු අයට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අතර මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

අයියාගේ යතුරු පැදියෙන් මල්ලී අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site