(එම්.සුසිල් ප්‍රියන්ත සහ දීපාල් සිල්වා)
වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉලක්ක කර මේ වෙඩි තැබීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
ඔහු අසල්වාසී නිවසක පැවති මඟුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියෙන් යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් ඔහුට හා දරුවාට තුවාල සිදුව නැති බවත් ඒ ආසන්නයේ බිම පතුරම් කිහිපයක් වැටී තිබියදී සොයාගත් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම, තක්කඩිකම, ජානගතව ඇති කෝටිපතියන්ට මුදලින් පව් සෝදාගැනීමට නොහැකි නිසා කරුමය ඵල දීම මේ ආත්මයේම සිදුවේ.