
(අංජුල මහික වීරරත්න)
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවද හිටපු අමාත්‍යවරයා කීය.
ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව අද (8)දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
හිටපු දූෂිත දේසපාලුවන්ට මේ වගේ නිවාස තව ඕන තරම් තියෙනවා. කියන්නේ නම් එන්නේ ජනතාවට සේවය කරන්ඩ කියලා. අන්තිමට මහා පරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම බංකලොත් කෙරුවා.
ආණ්ඩුවෙ නිවාසයක් තමන් බලයේ ඉන්නකල් පාවිච්චි කරලා, තනතුරු නැති වුණාම වෙනත් ආයතනයකට යන ක්‍රමයට අනුමැතියත් අරගෙන, ලැජ්ජ නැතිව නිව්ස් වලටත් දෙනවා. මේ වගේ මජර දේශපාලුවන් තුරන් වූ දවසක මේ රට ගොඩයයි. අවංකව කළා නම් තමන්ගේ දේපළක් පැවරිය යුතුයි. නැත්නම් තමන් නිලය දරන කාලය තුළ භාවිතා කිරීමට පාසලට ලබා දී මට නිල නිවාස හෝ දීමනා අනවශ්‍යයි කියලා කියන්න තිබුණා.
වදුරු කුණුහරප මතක් වෙන්නේ මට විතරද, බලේ ඉන්නකල් පුළුවන් තරමක් ඉදල, නීතියෙන් යන්ඩ කීවට පස්සේ එයා පැවරුවලු
තනිකරම බොරු. මෙම ඉඩම දිවංගත මංගල සමරවීර මහතා මැදිහත් වී පාසලට පවරා දුන් ඉඩමකි.
දෙන්න සිද්ධ උනේ නෑ කියල ඉන්ටනෙට් එකේ කෙළවරක තිබුණා. නැත්තං හිරේ යන තැනට වැඩ සිද්ධවෙන්නෙ නෑ කියලත් තිබුණ.
වෙලාවට පැරදුනේ. නැත්තං තාමත් ඒ ගෙදර ඉඳන් අපිට ලොකු ලොකු කතාත් කියවනවා.
මෙච්චර කල් ලැගලා ඉඳලා යන්න උනහම කියනවා දීලා යනවා කියලා. ඕව පිළිගන්න අය නැහැ අමරවීර. ඔච්චරම ආදරේ නම් කලින් යන්න තිබුණනේ.
මොන ආණ්ඩුව ආවත් ඇමති නේද මේ ?පුතාව ඔක්කොම රට ටුවර් එක්ක යන කෙනා නේද මේ ?මාලිමාවෙනුත් ඇමතිකමක් ගන්න ඉඩ තියනවා .වැඩේට හරි දක්ෂයා
මේවගේ ගොන් පාට් දිහාවත් බලලා තවත් මේ වගේ තක්කඩි දියවන්නාවට නොඑවන්න හම්බන්තොට ජනතාවට බුද්ධිය පහල වේවා.
මේවා බලාන තේරුම් ගනිල්ලා මේ වගේ උන් නැවත නොයෙවන්න.
“ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු” කියන්නේ ඔන්න ඔය වැඩ වලට.
මෙයා ඇමැති වෙලා තව හිටිය නම් ජීවිතේට ඕක පවරන්නේ නැහැ .අලුත් රජය මේවා පවරගන්න නිසා දැන් පොර ටෝක් දෙනවා.
අමරවීර යනු ලංකාවේ දේශපාලනයේ ඉන්න නුසුදුසු දේශපාලකයෙකි, මහින්දගේ කාලෙ ඉඳං මොහු කැබිනට් ඇමතිය, නායකයා පරදින බව දැනෙන විට හෙමීට පැත්ත මාරුකර පත්වන ජනාධිපතිට මුක්කුව ගසන පුද්ගලයෙකි, මහින්දගෙන් සිරිසේනට ඊටපස්සේ ඝෝටාභයගාව ඊළඟට රනිල්ගාවට, මොහුට අනුර ගාවට ලංවිය නොහැකිය, මීළඟ මහමැතිවරණයේදී ජනතාව විසින් අමරවීරව උස්සා පොළවේ ගසා ඔහුගේ දේශපාලන ජීවිතය සදා අවසන් කරනු ඇත.
මේ වගේ තීරණ ගන්න මේ අයට බලය ලබා දීලා තියෙනවාද?
දැන් ඕකේ විදුහල්පතිනිය පදිංචි වෙයිද?
මේ මනුස්සයා දැන් අව්රුදු 15 - 20 තිස්සේ තිබ්බ හැම රජයකම ඇමතිකම් දැරුවා. එහෙට මෙහෙට පනින කිසි ප්‍රතිපත්තියක් නැති, අවස්ථාවාදී තුට්ටු දෙකේ දේශපාලඥයෙක්. මෙවැනි පුද්ගලයන්ව දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කර දැමිය යුතුයි
මග නැගුම හොඳට දුන්නා...
මේක මංගල සමරවීර ඉන්න කාලේ පවරලා දුන්න එකක්. මංගල මේ ගෙදරින් ගියේ ඇමැති වෙලා ඉන්දැද්දීමයි. මොවුන් ආපහු ඕක තාවකාලික පදනම මත අරගෙන දිගටම හිටියා...
අනිත් නිවාසත් සුද්ද කරලා දාමු... අරක් ගත් පිල්ලි එළවමු.
ඕක දැන් ගන්නවා විදුහල්පතිනියගේ නිල නිවස විදියට. එයිට පස්සේ ඒක නඩත්තු කරන්න වෙන්නෙත් දෙමවුපියන්ට තමයි. මොකද සිරිමාවෝ එක කියන්නේ කිසිම හිරිකිතක් නැතුව ළමයින්ව ගසා කන පාසලක්.
ඔක්කොම ගොන් කතා
සම්මාන ටික නම් ඉහළින්ම ලැබිලා තිබෙනවා. මෙම පාඨක ප්‍රතිචාර ටිකවත් බැලුවා නම් ඉදිරි ජීවිතයවත් හරවත්විදිහට පවත්වාගෙන යන තැනකට මොනවා හරි ටිකක් රැස්කරගත හැකිවේ...