බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග මෙහෙවරක් ඉටුකළ හෙළ පඬිරුවනක්වූ දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද (16) උදෑසන අපවත් වූහ.
අපවත් වනවිට 84 වැනි වියේ පසුවූ චන්දසිරි නාහිමියෝ කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව 2021 වර්ෂයේ ජුලි මස 20 වැනිදා එම නායක ධූරයට පත්වූහ.
මාතර දිස්ත්‍රික්කයේ දොඩම්පහල ග්‍රාමීයේදී 1939 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනිදා එදිරිසූරිය පටබැඳිගේ මිසි නෝනා උපාසිකා මාතාවට එදිරිවීර පටබැඳිගේ සරනේරිස් සිල්වා මහතාට දාව උපත ලැබූ උන්වහන්සේ නූපේ ජය මහා විහාරාධිපති මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාලුකාරාමාධිපති මාතර ශ්‍රී සද්ධර්මාරාම නාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් කුඩාවැල්ල වාළුකාරාමයේදී පැවිදි දිවියට
ඇතුළත් වූහ.
මාතර වීරබා පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ චන්ද්‍රසිරි හිමියෝ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.
උන්වහන්සේ 1962 වර්ෂයේ ජුනි මස 17 වැනිදා උපසම්පදාවට පත්වූහ.
කුඩාවැල්ලේ වංගීස නායක හිමියන් සමග එක්ව "ගෝතම තපෝවනය" නමැති භාවනා මධ්‍යස්ථානය පිහිටුවීමට මුල් වූයේද උන්වහන්සේය.
මඩිහේ පඤ්ඤාසීහ, දවුල්දෙන ඤාණිස්සර, සහ කොටුගොඩ ධම්මාවාස යන මහනායක හිමිවරු අමරපුර මහා නිකායේ මහා නායක පදවිය මීට පෙර හෙබවූහ.
සම්බුදු සසුන වෙනුවෙන් උදාරතර ලෝක ශාසනික සේවාවක නිරතවීම සැලකිල්ලට ගෙන දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මියන්මාර රජය විසින් 2021 ජනවාරි මස 04 වන දින අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමනු ලැබීය.
සිංහල පාලි සංස්කෘත, ඉතිහාසය, පුරා විද්‍යාව ආදි විෂයයන් පිළිබඳව ප්‍රාමණික උගතකුවූ දොඩම්පහල චන්ද්‍රසිරි උත්තරීතර මහා නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ.
(සුජිත් හේවාජුලිගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජගිරියේ අරියඥාන හිමි වැනි ව්ශිෂ්ට ශිෂ්‍ය පරපුර ක් බිහි කළ ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා
රාජගිරියේ අරියඥාන හිමි වැනි ව්ශිෂ්ට ශිෂ්‍ය පරපුර ක් බිහි කළ ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා
අමාමහ නිවන් සුවය ලැබේවා හාමුදුරුවන් වහන්සේට
එම නිකායේම සබරගමුවේ නායක හාමුදුරුවෝත් ඊයේ සවස අපවත් වුනා කියලා ආරංචියක් ලැබුනා එම හාමුදුරුවන් දෙදෙනා වහන්සේසේටම නිවන්සැප ලැබේවා
ඔබ වහන්සේ තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි...
ඔබවහන්සේට නිවන්සුව පතමු.