
(ජේ.කේ.එල්. චාමින්ද)
අම්බුළුවාව පරිශ්‍රයේ ජෛව විවිධත්වයට හා පාරිසරික තත්ත්වයට හානිවන පරිදි විවිධ ඉදිකිරිම් සිදුකරමින් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
අම්බුළුවාව පරිශ්‍රයේ කදු සහිත ස්ථාන තැනිතලා කරමින් පස්කැපිම හා ගල්කැඩිම සදහා 2021 වර්ෂයේ දි රුපියල් 3,726,540 මුදලක් වැයකොට තිබුණි.
පස්කැඩිම සහ ගල්කැඩිම නිසා ජෛව විවිධත්වයට සහ පාරිසරික තත්ත්වයන්ට හානි සිදුවි තිබුණි.
මෙම කටයුතු සදහා භුවිද්‍යා සමික්ෂණ සහ පතල් කැණිම් කාර්යංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ හා අනුමැතිය ලබාගෙන නොතිබුණි.
මෙකි ආයතනවල අනුමැතිය ලබානොගෙන ජෛව විවිධත්වයට හානිවන ලෙස කටයුතු කිරිම සම්බන්දයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
කෙසේවුවද ඉකුත් වර්ෂයේ (2024) සැප්තැම්බර් මස වනවිටත් ජෛව විවිධත්වයට හා පාරිසරික තත්ත්වයට හානිවන පරිදි විවිධ ඉදිකිරිම් සිදුකරමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකිරණභාර අරමුදල සම්බන්දයෙන් (2021-2023) විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්බුලුවාවේ ජෛව විවිධත්වයට-පාරිසරිකත්වයට හානි වන ලෙස ඉදිකිරීම්
Small man Wednesday, 27 August 2025 12:32 PM
ඕක මුලින්ම වනසන්න පටන් ගත්ත උමතු රෝගියාට විරුද්ධව නම් දැන් මොනවත්ම කරන්න බැරි වෙයි. උන්නැහැ නම් දැන් මේ ලෝකෙත් නැහැනෙ.
සෙනෙවිරත්න Wednesday, 27 August 2025 01:03 PM
ඕක රජය යටතට ගන්න, හොඳ මුහුණින් හිටියත් සොර කල්ලියක් යටතේ පාලනය වුවහොත් මතු කලකරටට එන ආදායම නැති වනු ඇත.