IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


අමානුෂික පහරදීම් කළේ නෑ - හමාස් කියයි

ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙද්දී, තම සටන්කාමීන්, ඊශ්‍රායල කුඩා දරුවන් කුරිරු ලෙස ඝාතනය නොකළ බවත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කරමින් පහර නොදුන් බවත් ගාසා තීරයේ බලයේ සිටින හමාස් සංවිධානය පවසයි.

හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් පහර දුන්නෝ හමාස් සන්නද්ධ අංශ සාමාජිකයෝය.

එසේ ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටත්, ඊශ්‍රායල දරුවන් ගෙල සිඳ ඝාතනය කළ බවටත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කළ බවටත් ඊශ්‍රායල රජය චෝදනා කරයි.

ඊශ්‍රායල මාධ්‍ය හරහාස් සමාජ මාධ්‍ය හරහාත් හමාස් සටන්කාමීන්ගේ අමානුෂික ප්‍රහාර පිළිබඳ පුවත් පළ වී තිබේ.

හමාස් සංවිධානයේ දේශපාලනික අංශයේ ප්‍රකාශක එසාත් අල් රිෂ්ක් පවසා ඇත්තේ, කම සටන්කාමීන් එසේ අමානුෂික ආකාරයට පහර දීම් සිදු නොකළ බවය.

මේ අතර පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළුවුණු හමාස් සටන්කාමීන් අල්ලා ගෙන, බලහත්කාරයෙන් ගාසා තීරයට රැගෙන ගොස් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් මුදා හැරීමට ද හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කර තිබේ.

(අල් ජසීරා)



අදහස් (2)

අමානුෂික පහරදීම් කළේ නෑ - හමාස් කියයි

Pradeep Kumara Thursday, 12 October 2023 01:07 PM

මානුෂික වූ පහරදීම් ලෝකෙ කොහෙද තියෙන්නේ?? පහරදීම්, මරා දැමීම් කොහොමත් අමානුෂිකයි.

:       1       42

ukranThursday, 12 October 2023 02:37 PM

ඒ දවස් වල JVp දැන් NNP කිවුවෙත් ඔකම තමයි. ඒක තමයි කියන්නෙ මුන් ඔක්කොම ඒකයි කියල.

:       31       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 144 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 89 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1684 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site