IMG-LOGO

අමාත්‍යාංශ ලේකම්වරුන්ට ’’ඩිජිටල්’’ ගැන උගන්වයි

(අංජුල මහික වීරරත්න)

රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පැවැත්විණි.

නව රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය හා එම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අවධානයට ලක් වූ අතර, රාජ්‍ය සේවා කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ජනතා සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ නාස්තිය හා දූෂණය පිටුදැකීමට ඩිජිටල්කරණය භාවිත කිරීම පිළිබඳ මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කෙරුණි.

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී.සපුතන්ත්‍රි, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (4)

අමාත්‍යාංශ ලේකම්වරුන්ට ’’ඩිජිටල්’’ ගැන උගන්වයි

රුවන් Thursday, 22 May 2025 08:46 PM

ගිය ආණ්ඩුවල ඇමතිලා, ලේකම්ලා පරිගණකයෙන් අසභ්‍ය දර්ශන බලලත් මාට්ටු වුණා නේද?

:       1       1

Naleen Samarapperuma Thursday, 22 May 2025 09:50 PM

මේ මිනිස්සු ටික දකිනකොට Dr හාන්ස් ට මොනවා හිතෙනවා ඇතිද ?

:       0       3

Dr. Sarath AmunugamaFriday, 23 May 2025 10:51 AM

මේ ගොං නිලධාරී කිී දෙනෙකුට තේරෙයිද? හොඳ වෙලාවට මෝඩ සේවයෙන් පිට කීපදෙනෙක් හරි ඉන්නවා.

:       0       2

සාලිය Friday, 23 May 2025 07:51 AM

චෙක්පත් හරහා බිල් ගෙවීම නතර කරලා BANK TRANSFER පහසුකම රජයේ ආයතන වලට හදලා දෙන්න, මුද්දරත් අරන්, චෙක් එක ගද්දි දවස් තුනක් විතර නාස්ති වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 18 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 460 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 236 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site