
(වයි.ඵ්.ඵස් වීරවංශ)
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව මහා නාහිමියන් පිළිගැනීමේ උත්සවයකට යන අතර තුර බලංගොඩ ගොරකගහමඩ මුස්ලිම් පල්ලියට වැඩම කරවා උපහාර පිදීමේ උත්සවයක් එම මුස්ලිම් පල්ලියේ අශේක්. රිෂාඩි මව්ලවි තුමන් ඇතුළු පිරිසක් සංවිධානය කර තිබුණි.
උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියන් පිළිගැනීම සදහා බලංගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයට යන අතර තුරු මෙම උපහාර උත්සවයට සම්බන්ධ විය.


COMMENTS
Reply To:
-
අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමියන් ජීවමානව වැඩසිටි සමයේත් මුස්ලිම් ජනතාව හාමුදුරුවෝ සමග ළඟින්ම ආශ්‍රය කළා.. මමත් 1996 පමණ ඒ හිමියන්ට කණ්ඩාමක් සමග දානයක් ගෙනගිය අවස්ථාවේත් මුස්ලිම් සහෝදරයෙක් එයට සහභාගි වුණා. ඒ වගේම ඒ මහ නාහිමියෝ අපවත්වූ වෙලාවේත් ඔය සහෝදර ජනතාව උපරිමයෙන් සහයෝගය දුන්නා කියලා අහලා තියෙනවා. මෙහෙම සම්බන්ධතා පැවතීම ජාතියේ වාසනාවක් කියන්න පුළුවන්...
ඉතා හොඳ යහපත් ප්‍රතිචාරයක්. සද්භාවයෙන් ඊට කැපවූ සියලු දෙනා අගය කළ යුතුයි.
මෙවැනි සිදුවීම් දිහා අකිශයෝක්තියෙන් තොරව උපේක්ෂාවෙන් බැලීමයි වැදගත්. බාහිරයට වඩා අභ්‍යන්තරය වෙනස් විය හැකියි.
1. ආගමට කලිනුයි අපි මිනිස්සු උනේ 2. හින්දු, කතෝලික, මුස්ලිම් යන හැම ආගමකත් බුදු දහමෙත් දෙවියන් විශ්වාස කරනවා 3. හැම ආගමකම පසුකාලීන එකතුකිරීම් ඉවත්කිරීම් නිසා කාලීන වෙනස්කම් තිබෙනවා 4. ආගම් අතර මතබේද ඇතිකර වාසි සලසාගන්නා අධමයින් හැමදාමත් ඉඳල තියෙනවා.
බළන්ගොඩ කස්සප හිමි දැන් මොනවා කියාවිද?