(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහළට ඔසවා තැබීම හා අන්තර් ජාතික කරණය උදෙසා විදේශීය විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මහජන චීන සමූහාණ්ඩුවේ, චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින භූ විද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනය (Institute of Geology and Geophysics) අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
* කැලණිය විශ්ව විද්‍යාලය හා ඉන්දියාවේ භාරතීදාසන් විශ්ව විද්‍යාලය අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
* මොරටුව විශ්ව විද්‍යාලය සහ ජපානයේ යොකොහමා ජාතික විශ්ව විද්‍යාලයේ බහු විධ විද්‍යා ආයතනය (Institute of Multidisciplinary Sciences) අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
* මොරටුව විශ්ව විද්‍යාලය සහ ජපානයේ ටොකු යමා විද්‍යාලයේ, ජාතික තාක්ෂණ ආයතනය (National Institute of Technology) අතර වසර 05 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපේ සරසවි විදෙස් සරසවි එක්ක ගිවිසුම් හතරක්
අරවින්ද මොණරවිල Tuesday, 04 November 2025 02:54 PM
උගත් වගේම බුද්ධිමත් කාන්තාවක් අධ්‍යාපන ඇමතිනිය ලෙස පත්වීම අනාගත පරපුරේ වාසනාවක්, බොහෝම මෑතකාලීනව ලංකාවේ අධ්‍යාපන ජාත්‍යන්තර මට්ටමට ලගා කරන්න මෙතුමිය කටයුතු කරනවා නොඅනුමානයි.