IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා

(සුජිත් හේවාජුලිගේ)

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන  පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ  නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක්  සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මේ අතර කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහලට   මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ලිටි හාට් ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි හැට දෙකකට වැඩි  මහජන අරමුදල්  ( 2023 වන විට)  රැස් කර තිබුණද  එම මුදල්වලින් වැය කර  තිබිණේ රුපියල් කෝටි අටක් පමණක් බව  විගණන වාර්තාවේ දැක්වේ.

එසේම එම රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය වැඩ දියුණු කිරීම සඳහා පරිත්‍යාගශීලීයකු     සිය අන්තිම කැමති පත්‍රයකින් දී තිබූ රුපියල් කෝටි හතරක් මෙන්ම  ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලැබුණු රුපියල් කෝටියකට වැඩි මුදලක් අදාළ කාර්යන්  ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර   නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා  විවිධ ව්‍යාපෘති හතරකට අදාළව ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි පරිත්‍යාග මුදල් අරමුණු ගත කාරයන් ඉටු කිරීම සඳහා යොදවීමට කටයුතු කර නොතිබූ බවද  වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2023 වාර්ෂික වාර්තාවේය.



අදහස් (2)

අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා

nipuna Friday, 18 April 2025 03:27 PM

දෙයියනේ, මේ කාගේහරි ජීවිතයක් බේරාගන්න තිබුණු සල්ලි නේද?

:       0       18

Lalla Friday, 18 April 2025 07:42 PM

අරවට මේවට කියල සල්ලි ඉල්ලන කිසිම කෙනෙකුට සල්ලි දෙන්න එපා කියන එක ඇත්ත නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site