IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අපේක්ෂා රෝහලට එන ළමා රෝගීන්ගේ අපෙක්ෂා බංග වෙලා

(ඩේලි මිරර්)

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

පෙබරවාරි මාසයේ සිට එම දෝෂයක් ඇති වී තිබෙන අතර මෙම විකිරණ යන්ත්‍රය විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ළමා පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා ප්‍රතිකාරය ලබා දීමට බැවින් පොරොත්තු ලේඛනයේ ළමා පිළිකා රෝගීන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.

ඒ හේතුවෙන් ළමා පිළිකා රෝගීන් මහත් අපහසුතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

තත්ත්වය කෙතරම් බරපතළ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්නය විසඳීමට කිසිඳු පියවරක් නොගෙන නොදැක්කාසේ සිටීමෙන් ප්‍රශ්නය තවත් උත්සන්න වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.

විකිරණ චිකිත්සා ප්‍රතිකාරය සඳහා පෞද්ගලික රෝහල් රුපියල් ලක්ෂ 7 සිට රුපියල් ලක්ෂ 17 දක්වා අධික ගාස්තුවක් අය කරන බවත් ඉන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන්ගේ පවුල් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 



අදහස් (9)

අපේක්ෂා රෝහලට එන ළමා රෝගීන්ගේ අපෙක්ෂා බංග වෙලා

Asela Tuesday, 26 March 2024 10:21 PM

අර හිරේ ඉන්න අයට හෙනම ගහන්න ඕනෑ...

:       0       1

බද්රානි Tuesday, 26 March 2024 10:51 PM

රුපියලත් මෙච්චර හොඳට උඩට නැගලා තියන කාලෙක, අවම වැටුපත් රුපියල් පන්දාහකින්ම වැඩිකළ සමයක, ඇයි එයාලා රුපියල් ලක්ෂ හතක් හෝ ලක්ෂ දාහතක් දීලා ඔය ඉන්ජක්ෂන් එක ගහ ගන්නේ නැත්තේ..? අනික, ඉහළම සෞඛ්‍ය සේවයක් තියන අපේ රටේ, ලෝකයෙන්ම ප්‍රමිතිගතම දොස්තරලා ඉන්නෙත් ලංකාවේ නම්, ඒ අයත් ඉතාම සාධාරණ ලෙස මුදල් අය කරනවා නම් ඕවා කජු කනවා වගේ වැඩනේ...

:       0       0

Weerasekara Wednesday, 27 March 2024 06:46 AM

පෙබරවාරි කියන්නෙ පසුගිය මාසය නේද .ඉතින් ඔය ගැන අමාත්‍යාංශයට දන්වා කොපමණ කලක්ද .තමන්ගෙ ගෙදරක වුනත් ක්ෂනිකව ප්‍රශ්නයක් ඇතිවුණාම ඒක ප්‍රතිසංස්කරණ කරන්න ටිකක් ප්‍රමාද වෙනවා තමයි. ඉතින් රජයේ මුදල් වියදම් කිරීමට යම් ක්‍රමවේදයක් තියෙන නිසා සුලු ප්‍රමාදයක් වෙන්න පුළුවන්

:       25       1

අරවින්ද මොනරවිල Wednesday, 27 March 2024 07:07 AM

මේරට පාලනය කල හා කරන ජඩ නින්දිත පාලකයන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගන්න කුඩා දරුවන්ගේ අනාගතය පමණක් නොවෙයි ජීවිත පවා බීල්ලට දෙන්න සිදුවෙලා තියෙන බව මේ ප්‍රවෘත්තියෙන් අපිට පෙන්වා දෙනවා.

:       0       23

Janaka Wednesday, 27 March 2024 11:36 AM

මේ රටේ දේශපාලනය වෙනස් කරනකල් මේ දේවල්වලට විසඳුම් කිසිදාක ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න හිටපු සෞඛ්‍ය ඇමැති අද ඉන්නේ බන්නාධගාරයේ කියලා අහිංසක, අසරණ මිනිස්සුන්ට විෂ බෙහෙත් එන්නත් සපයලා, ඒ වගේම පවතින හොරු රැලගේ ආණ්ඩුව මේ හැම දේටම උදව් කරපු බව... මේ වගේ ප්‍රශ්නයකට වෙන රටවල පැය 24න් පිළිතුරු දෙනවා, මොකද රටේ මල් කැකුළුවලට එහෙම පරවෙන්න දෙන්නේ නෑ.. ඒ රටවල් කරන පාලකයින්, නමුත් දස අකුසල්ම කරන ආණ්ඩුවකින් රටේ ජනතාව මොනවා බලාපොරොත්තු වෙන්නද? තවමත් බත් කන හරක් මේ රටේ ඉද්දි ඔවුන් තවතවත් හොරකම්, ජඩකම්, පව්කාරකම් කරාවි. ළඟඑන මැතිවරණයේදී තමන්ගේ ගෙදරට මනාපය ඉල්ලාගෙන එන හොර නඩයට ලොකු පොඩි බේදයකින් තොරව සලකන්න කාලය ඇවිත් තියෙන්නේ..., මේ දේ විය යුතුමයි. තමන් ජීවත් වෙන රට බේරගන්න ජනතාව නැගිටිය යුතු කාලය පැමිණ ඇත.

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 27 March 2024 12:15 PM

ඔය මැෂිම ආණ්ඩුවට පුළුවන් වෙලාවක හදනතුරු අපි බලාගෙන ඉඳිමු... පිළිකා රෝහලේ රෝගයෙන් පීඩා දරුවන් මිය ගියාට අවුලකුත් නැහැ වගේ නේද?

:       0       2

Rata Perata Wednesday, 27 March 2024 12:52 PM

රටේ පාලකයා තමන්ගේ රටසවාරි වලට ලක්ෂ 2000ක් වෙන්කර කන්නවා. ඒත් මේවට සල්ලි නැහැ. මේ වගේ අය ආයෙත් පත්කර ගන්න තරම් මිනිස්සු ආයෙත් මෝඩවෙන එකක් නෑ කියලා හිතනවා.

:       1       3

මුහන්දිරම් Wednesday, 27 March 2024 06:44 PM

රට වැසියෝ බොහෝමයක් බුදුනුවන් වෙනවා... ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කලේ ලැබෙන ආදායම් කොටස් හතරකට බෙදා එක් කොටසක් පරිභෝජනය සඳහා ගන්නත් කොටස් දෙකක් ආදායම් ඉපැයීම් හෝ ප්‍රයෝජනයට ගන්නත් අනෙක් කොටස ආපදාවකට නැත්නම් අසනීපයක් වෙනුවෙන් ගන්න කියලා තමයි... ඉතින් කෝටි ගණනක් ජනාධිපති වියදම් කරන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් කරන කටයුතු සඳහා තමයි දැන් ඔය මාලිමාවේ සහෝදර පිරිසත් විදෙස් ගතවෙන්නේ එවැනි දේවල් සඳහා කියලා හිතන්නේ නැද්ද? ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ රටේ සංවර්ධනය කරන්න අමාරුයි...

:       0       0

KJR Wednesday, 27 March 2024 02:45 PM

වීරසේකර..?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 105 0

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 728 2

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 470 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1460 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 2125 13

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 2792 1

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1744 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site