(යොහාන් භාසුර)
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්ධන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (1) පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද (1) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.
ජනාධිපතිතුමා ඉන්ධන මිල සංශෝධනය ජාතික ජනබලවේගයේ අපේක්‍ෂකයා ලෙස නොවන ජනාධිපතිවරයා ලෙස කළ බවත් මෙම ඉන්ධන මිල පහළ දැමීමේ තීරණය රට පිළිබඳව අවදානය යොමුකර ගත් එකක් බවත් ඒ මහතා කීය.
පසුගිය ආණ්ඩුවලදී සිදුවූ වංචා සහ දූෂණ සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට නියමිත බව කී රාජකරුණා මහතා එම කොමිසම ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවී ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ද කටයුතු කරනු ඇති බව ද සඳහන් කළේය.
ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ වංචාවලට සම්බන්ධ නිලධාරීන්ට ද නිසි ස්ථානය ලැබෙනු ඇතැයි කී ඒ මහතා පැවසුවේ එවැනි කිසිඳු පුද්ගලයෙක්ට ගැලවීමක් නොමැති බවත්ය.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන වැඩපිළිවෙළ අනුව කටයුතු කරමින් ඛනිජ තෙල් ක්ෂේත්‍රය ජාතික ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඛනිජ තෙල් වෙළෙදාමට හැකි ඉක්මණින් ගෙන යෑම ආණ්ඩුවේ ඉලක්කය බවත් ඒ මහතා කීය.
විදුලිය සම්බන්ධ මිල මහජන උපයෝගිතා කොමිසම නියාමනය කරන ආකාරයට ඛනිජ තෙල් නියාමනය සඳහා ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් බදු අඩු කර ඉන්ධන මිල තීරණය කරන්නේ නම් රට පිළිබඳව අවධානය යොමු කර එය කිරීමට කාලය අවශ්‍ය බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.
රට තුළ ඉන්ධන පෝලිම් ඇති වූයේ ඉන්ධන මිල අඩු කිරීම නිසා නොව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැති වීමෙන් බවත් ඉන්ධන මිල සම්බන්ධයෙන් ‘සූත්‍රයක්’ පැවැතිම වඩාත් වැඳගත් බවත් ඒ මහතා කීය.
බලයේ සිටින විට ඉන්ධන මිල අඩු නොකළ ඇමතිවරු ඇතුළු පිරිසක් ඉන්ධන මිල සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රකාශ කරමින් සිටින බව කී රාජකරුණා මහතා රට ප්‍රපාතයට ඇඳ දැමූ පිරිස ඛනිජ තෙල් ආනයනය කළ නොහැකි හැකි පවසමින් විදේශ සමාගම් කීපයකට එම අවස්ථාව දුන් බව ද සඳහන් කළේය.
මෙමරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අවස්ථාව විදේශ සමාගම්වලට පැවරීම නොවිය යුතු දෙයක් ලෙස සළකන බවත් වර්තමාන ආණ්ඩුව රට ගොඩදැමීම සඳහා පමණක් කටයුතු කරන බව ද සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ද සහභාගි විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
Aruna Tuesday, 01 October 2024 04:36 PM
ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ රනිල් සීයාගේ බූදලේ පිහිට තමයි ඉතින්...
අමල් Tuesday, 01 October 2024 04:46 PM
එතකොට මාලිමාව පොරොන්දු වෙච්ච විදිහට රුපියල් 150ට ඩීසල් දෙන්නේ කවද්ද ගොට්ටෝ...!
ගුණරත්න Wednesday, 02 October 2024 08:26 AM
ඔතරම් ඉදිරියට තියා තෙල් ගත්තේ මිනිසුන් ගැන කරුණාවෙන් නෙවෙයි. අනිවාර්යයෙන් වංචා කොමිස් මගඩියක් ඇති, සභාපතිතුමනි වහාම පරීක්ෂණයක් පවත්වා ඔය තෙල් ගෙන්වීමට වගකිවයුතු හොරුන්ට දඬුවම් දෙන්න.