(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)

මෙහෙණි ශාසනය මුළු ලොවටම හඳුන්වා දුන් ඓතිහාසික මිහින්තලා පුද බිමේ පිහිටි අනුලා චේතියෙ   සිදු කරන කැණීම්වලදී හමුවු ඓතිහාසික පුරා විද්‍යා වටිනාකමකින් යුත් ,ධාතූන් වහන්සේලා ,ආභරණ ,ඇතුළු වටිනා භාණ්ඩ රැසක් අනුලා චෛත්‍යය අබියස දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා  මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කළේ ය .

ලංකාවේ සෑම ස්ථානයකම වෙසෙන මෙහෙණින් වහන්සේලාට එය දැක වැඳ පුදා ගැනීම සඳහා අද (26) දින ඉඩකඩ විවෘත කර ඇති බව, මිහින්තලා රජ මහා විහාරාධිපති ආචාර්යය  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .

මාස කිහිපයක් මුළුල්ලේ පුරාවිද්‍යා නිලධාරින්  සිදු කළ කැණීම්වලදී පළිඟු කරඬු ,ශෛලම මංජුසා ,ආභරණ (වළලු ,මුදු) විවිධ පබළු වර්ග ,ධාතූන් වහන්සේලා හා එවැනි දෑ තැන්පත් කර තිබූ විවිධ ආකාරයේ භාණ්ඩ රැසක් හමු වී ඇත .

ඒ සියල්ලම අනුලා චේතිය අසල පිහිටි ඉතාමත්ම සුරක්ෂිත ආකාරයෙන් කුටියක් ඉදි කර මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබින.

මෙහිදී මිහින්තලයට පැමිණි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ,අනුරාධපුර දිස්ත්‍රික් කැණීම් භාර නිලධාරී ඒ.ඒ.විජයරත්න ,මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් හා නාගා කන්ද විශ්ව විද්‍යාලයේ කුලපති  බෝදාගම චන්දිම යන නාහිමිවරුන් ප්‍රමුඛ පොලිස් නිලධාරීන්ට හා හමුදා නිලධාරීන් කැටුවමෙම අනුලා චෛත්‍යයේ දේපල තිබූ ස්ථාන පරීක්ෂාවට ලක් කලහ.