IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


අනියම් පෙමට එරෙහි වූ දැරියට පොලිස් බාප්පාගෙන් ප්‍රහාරයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මව සමග පවත්වන අනියම් සම්බන්ධතාවට විරෝධය පළ කර එම සම්බන්ධය වහාම නතර කරන ලෙස පවසා පොලිස් සැරයන්වරයකුට බැණ වැදුණු එම කාන්තාවගේ 17 හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් සැරයන්වරයා ශ්‍රීපුර පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් සැරයන්ගේ පහරකෑමට ලක්වූ 17 හැවිරිදි දැරිය තුවාල ලබා පදවි ශ්‍රීපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම දැරිය පාසල් සිසුවියකි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ත්‍රිකුණාමලය, උප්පුවේලි පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයකු බව පොලිසිය පවසයි.

සැකකාර සැරයන්වරයා පදවිය ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග කාලයක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි කියති.

මේ සම්බන්ධය නතර කර දමන ලෙස දියණිය මවගෙන් නිතර ඉල්ලීම් කර ඇති බව ද පැවැසෙයි.

දියණිය  නිවසට පැමිණි අවස්ථාවේ මව සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ යැයි කියන පොලිස් සැරයන්වරයා සිටිනු දැක ඔහුට වහාම නිවසින් පිටව යන ලෙසත්, මෙම සම්බන්ධය නතර කර දමන ලෙසත් පවසමින් ඔහුට බැණ වැදී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.

ඉන් කෝපයට පත් සැරයන්වරයා දැරියට පහර දී පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා, දැරියට පහර දුන් බව කියන පොලිස් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

ශ්‍රීපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (6)

අනියම් පෙමට එරෙහි වූ දැරියට පොලිස් බාප්පාගෙන් ප්‍රහාරයක්

prasanna Wednesday, 21 June 2023 10:03 PM

මවුවරුන්ගේ තියන නොමනා හැසිරීම් නිසා ළමුන් කාමාතුරයන්ට බිලිවෙනවා .මරණයට පවා පත්වෙනවා .ඉතාම කනගාටු දායකයි ලංකාවේ තත්වය

:       0       18

Bamunuarachchi Thursday, 22 June 2023 12:56 AM

මොවුන් පොලිස් සේවයට නොව බල්ලෝ නාවන්න වත් වටින්නේ නැත.

:       0       16

රාළහාමි Thursday, 22 June 2023 01:00 AM

පොලිස් සැරයන් වරයට විතරක් නෙමෙයි මේ මවටත් තදින් අවවාද කරන්න තියෙන්නේ.

:       0       17

කොස්තාපල් පුන්‍යදාස Thursday, 22 June 2023 06:00 AM

ජනතා මුදලින් වැටුප් ලබමින් කට්ටියක් දේශපාලුවො රකිනවා. කට්ටියක් හිටපු දේශපාලුවො රකිනවා. තවත් කට්ටියක් අයාලේ යනවා. එවුන් අල්ලන්න තවත් කට්ටියක් යනවා. මෙහෙම පොලිසිය පොලිසියේ අයම අත් අඩංගුවට ගැනීමට යන්න වුනොත් වෙනත් ප්‍රශ්න වලට යාමට කෙනෙක් නැතිවේවි .අරගලයේ විපාකද නැත්නම් මොකක්ද මේ පොලිසියට වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැහැ.

:       1       7

Lalla Thursday, 22 June 2023 06:56 AM

විනය පරීක්ෂණ පවත්වා වැඩ තහනම් කිරීමද වැඩ තහනම් කර විනය පරීක්ෂණ පැවැත්වීමද?පොලීසිය තුල සිටින තාක් පරීක්ෂණ වලට බලපෑම් නවත්තන්න බෑ.....

:       0       8

Bunny Preena Thursday, 22 June 2023 10:35 AM

මෙවැනි අම්මලාට මොනවා කලෙත්ද හොඳ?

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 419 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 482 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 231 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 357 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 58 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 608 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1947 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site