(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පරිගණක ඉංජිනේරුවෙකු අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි .
මොහු පරිගණක විද්‍යාව පිළිබඳව ඉංජිනේරුවරයකු වන අතර හංවැල්ල රනාල ප්‍රදේශයේ කොමිනිකේෂන් ආයතනයක් පවත්වාගෙන යමින් හරක් කටා නැමැත්තාගේ මුදල් ජාවාරමට සම්බන්ධ වී කටයුතු කර ඇතැයි පැවසේ .
මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා ව්‍යාජ චෙක්පත් දී රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ .
ඒ අනුව කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකු රවටා ව්‍යාජ චෙක් පතක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා ට ලද තොරතුරකට අනුව සැකකරු නවගමුව රනාල ප්‍රදේශයේ කොමිනිකේෂන් ආයතනයක් තුළ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ ජංගම දුරකථනය හා බැංකු කාඩ් පත පොලිස් භාරයට ගෙන තිබේ .
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වූ බවත් ඒ වෙනුවෙන් මොහුට අධික වැටුපක් ගෙවා ඇති බව තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා අල්ලයි