(දයාරත්න ඇඹෝගම)
සිංහල වලහවිද්දවැව ප්රදේශයේ පිහිටි තම ගෙවත්තේ අනවසරයෙන් නීති විරෝධිව ඉදිකරන ලද විදුලි වැටේ ගැටි 60 හැවිරිදි ගොවියෙකු මිය යාමේ සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පතාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගම්මානයේම පදිංචි වවුනියාව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් වරයෙකි.
මෙම පොලිස් සැරයන් වරයා සිංහල වලහවිද්දවැව ප්රදේශයේ පිහිටි තම ගෙවත්තේ වගාවන් වන අලියන් ගෙන් ආරක්ෂා කර ගැනිමේ අරමුණින් අනවසරයෙන් විදුලි වැටක් ඉදිකොට තිබු බව පොලිසිය පැවසිය.
පසුගිය 08 වැනිදා මෙම පොලිස් සැරයන්වරයාගේ ගෙවත්ත මැදින් ගමන් කළ එම ප්රදේශයේ පදිංචි සුගතදාසගේ ආරියදාස(60) නැමති තිදරු පියෙකු විදුලි වැටේ ගැටිමෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරැව මිය ගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්රියාත්මක කරන්න ඉන්න අය මේවා කරනවා නම් අනික් අය ගැන කුමන කතාද?
අනුන්ගේ ගෙවතු මැදින් පිටස්තරයෝ යන්නේ මොකටද? හොරකම්වලට නේද? කාලයක් එහෙම අනුන්ගේ ඉඩම් හරහා ගිහිල්ලා අන්තිමේ ඉඩම හරහා පාරකුත් ඉල්ලාවි ඔය මැරුණු කෙනා ජීවත්වෙලා සිටියා වුවත් ඔහු එහෙම නොඉල්ලුවත් මැරුණු කෙනාගේ දරු මුනුබුරාලා කොහොමත් ඔය පාර ගන්න නඩුත් කියාවි ඇත්තටම සාජන් අත් අඩංගුවට ගැනීම සුදුසුද?