IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

රජය මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනය වූ පසුගිය ජූනි 10 වැනිදායින් පසුව මෙරටට පැමිණි ලුණු කන්ටේනර් 400 ක් රේගුවේ සිරවී තිබෙන ලුණු කන්ටේනර් 1000 ට අයත් වන බවත් ඉතිරි 600 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාදවීම හේතුවෙන් සිරවී තිබෙන කන්ටේනර් බවත් අනයනකරුවෝ සඳහන් කළහ.

අවසන් දිනය පසුවී මෙරටට ලැබුණු ලුණු කන්ටේනර් 400 සඳහා රජය සහනයක් ලබා නොදුන් බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනු ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කළහ. වෙළෙඳපොළේ මේ වනවිට ප්‍රමාණවත් ලුණු තොග තිබෙන බැවින් ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ සහනයක් අපේක්ෂා නොකරන බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනවාට විරුද්ධතාවක් නොමැති බවත් ආනයනකරුවෝ පැවැසූහ.

නැවත ප්‍රතිඅපනයනය කරන ලුණු කන්ටේනර 400 ප්‍රමාදවී ලැබීමට ආනයනකරුවන් හෝ අපනයනකරුවන් වැරදිකරුවන් නොවන බවත් එම අවස්ථාවේදී පැවැති දේශගුණික තත්වය ඊට හේතුවූ බවත් ඔවූහු පෙන්වා දුන්හ.

ආරංචි මාර්ගවලට අනුව දැනට වාරයේ සිරවී තිබෙන ලුණු බහාලුම් 400 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණීමේදී ප්‍රමාද වී ඇත්තේ අහිතකර කාලගුණික තත්වයන් නිසාය. ගුජරාට් වරායෙන් නියමිත දිනට නැව්ගත කර ඇතත් අහිතකර කාලගුණික තත්වයන් හේතුවෙන් එම නැව් මෙරටට පැමිණෙන විට ජූනි 10 පසුවී ඇත.

රජය අවසර ලබාදීමට ප්‍රතික්ෂේප කර ඇති ලුණු මෙට්‍රික් ටොන් 10,000 වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බවද පැවැසෙයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීම ප්‍රමාදවීම බවත් ඒ හේතුවෙන් ලුණු කන්ටේනර 600 කට ආසන්න ප්‍රමාණයක් මාසයක පමණ කාලයක සිට සිරවී තිබෙන බවත් ඒ පිළිබඳව පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණු බවත් ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීමට ප්‍රමාද හේතුව තමන් නොදන්නා බවද ඔවූහු පෙන්වා දුන්හ.

කාලගුණික හේතූන් නිසා මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය කාලයේදී පහළ වැටුණු අතර ඒ හේතුවෙන් මාස කීපයකට පෙර මෙරට දැඩි ලුණු හිඟයක් ඇතිවිය. ඒ හේතුවෙන් රජය ලුණු ආනයනයට පනවා තිබූ සීමා ඉවත් කරනු ලැබුවේය. එහිදී ලුණු මෙට්‍රික් ටොන් 150,000 ක් මෙරටට ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබිණි. ලුණු ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජූනි 10 වැනිදායින් අවසන් විය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් මාසයකට ආසන්න කාලයක සිට ලුණු කන්ටේනර් 600 කට ආසන්න ප්‍රමාණයක් රේගුවේ සිරවී තිබෙන බවට වාර්තා කරුණු සම්බන්ධයෙන් අප පුවත්පත කළ විමසීමකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආනයනකරුවන් 45 දෙනකුගේ පමණ මෙරටට ආනයනය කළ ලුණු තොග මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම හේතුවෙන් එම ලුණු තොග සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.

එම ලුණු තොග ශ්‍රී ලංකාව රේගුව නැවත ප්‍රතිඅපනයනය කරනු ඇති බවත් ප්‍රතිඅපනයනය කරන ලුණු තොගයට කන්ටේනර් කොපමණක් ඇතුළත්වේදැයි ප්‍රකාශ කිරීම අපහසු බවත් ඔහු පැවැසුවේය. ඊට හේතුව නිසි ප්‍රමිතියක් නොමැතිවීම හේතුවෙන් ප්‍රමිතිකරණ සහතික ලබාදීම ප්‍රතික්ෂේප කළ ඇතැම් ආනයනකරුවන් විශාල වශයෙන් මෙරටට ප්‍රමිතියෙන් තොර ලුණු තොග ගෙන්වා තිබීම බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පසුගිය කාලයේදී මෙරට ඇතිවූ ලුණු හිඟයත් සමග ලුණු ආනයනය අවසර ලබාදීම හේතුවෙන් විශාල වශයෙන් මෙරටට ලුණු ආනයනය කළ බවත් එහිදී ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූ බව ඔහු පැවැසුවේය. එසේම ඇතැම් ලුණු තොග ප්‍රමිතිකරණ සහතික ලබාදීමට පෙර දෙවැනි වරටත් සාම්පල පරික්ෂා කිරීමට සිදුවූ අවස්ථා තිබූ බවත් එවන් අවස්ථාවලදී එම තොග ගෙන්වූ ආනයනකරුවන් නැවත වරක් සාම්පල බාරදීමේදී  ප්‍රමාදයන් සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. තවද අවශ්‍ය කරන ලිපිගොනු බාරදීමේදී ප්‍රමාදයන් සිදුවූ අවස්ථාද තිබූ බව එම ප්‍රකාශකයා පැවැසුවේය.



අදහස් (0)

අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site