
(ආරියරත්න රණබාහූ)
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා ලංකාදීපයට පැවසීය.
ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ඒ සඳහා ලබාදීමට ඉල්ලා සිටියද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බවද ප්‍රියන්ත මහතා කීය.
එම නිසා දැනට දින හතළිස් හතක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිත්‍ය විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.
මේ අතර ඇතැම් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු පැවැත්වෙන බවත් එසේ කරන පිරිස් තම වෘත්තීය සමිති මෙහෙවන ශිෂ්ඨ සම්පන්න ක්‍රියාවලියට බාධා කරන්නන් ලෙස හැඳින්විය හැකි බවද ඔහු කීය.
2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි
ඇන්ඩ්රු සෙබඩවිල Tuesday, 18 June 2024 10:19 PM
අනධ්‍යන සේවක උත්තමයිනි, උත්තමාවියනි, අනේ කරුණාකර ඔබගේ රැකියාවට යන්න. අපගේ දරුවනගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් නොවන තැනට වැඩ කරන්න. ලගදීම බලයට එන ජවිපෙ ආණ්ඩුව යටතේ ඔබගේ ඉල්ලීම් ඇසුරු සැනින් ලැබෙනු ඇත. එහි මුදල් ඇමති හදුන්නෙත්ති සහෝදරතුමා ඊට අවශ්‍ය මුදල් යාළුවකු ගෙන් ඉල්ලා හෝ ලබා දෙනු ඇති. එම නිසා දැන් වැඩට යන්න. තව පෝය කීය ද ඔබගේ සියලු ගැටළු නිරාකරණය වෙන්න!
KANG Wednesday, 19 June 2024 01:06 AM
රජයේ වැටුප් තල හා සසඳන විට විශ්වවිද්‍යාල වැටුප් ඉතා ඉහළ ය. ඔවුන් වර්ජනය කරන්නේ ඇයි? විභාග පැවැත්වීම වැරදි ඇයි? කුහකකමේ ස්වභාවය මෙයයි.
puran appu Wednesday, 19 June 2024 06:04 AM
මුන්ට පුXට පයින් ගහල එලවල අලුතින් සේවකයින් අරගෙන වැඩේ දුවන්න කොන්දක් පාලකයින්ට ලැබේවා . 1980 දී ජේ ආර් මහතා කල දේ නොකර මේ වගේ කාලකන්නි ස්ටර්යික් කාරයින් හා ඒ මත්තේ නැග ගොඩ යන්න බලන සක්කිලි දේශපාලුවන්ට පාඩම් උගන්වන්න බැහැ . මුන් මේ බලන්නෙම කොහොම හරි සරසවි ටික වහල සිසුන් මහා පාරට ගෙනත් දේශපාලන වැසි ගන්න. 1980 දී ස්ට්‍රයික් නිසා රැකියා නැතිවුණු වෘත්තීය සමිති නායකයෙක් අපේ ගෙවල් ළඟ හිටිය . අනිතිමට මිනිහට කුලීවැඩ කරලා එදාවේල හොයාගන්න උනා .
Bamunuarachchi Wednesday, 19 June 2024 06:07 AM
මේ වර්ජන කරන්නේ ජෙප්පන්ගේ උවමනාවට. ඒ නිසා කිසිම ඉල්ලීමක් දෙන්න එපා. බලයට එන රජයකින් ඉල්ලා ගන්න කියන්න. ජේවීපී එක බලයට ආවොත් මුන්ට මොන ලබ්බක්වත් නොලැබෙන බව දන්නවා.
vernon Wednesday, 19 June 2024 03:03 PM
බමුණු හා අප්පු, අඩුම ගානේ ඉල්ලීම් මොනවද කියලාවත් දන්නේ නෑ නේද? අපි බලා ඉඳිමු, ඔය දෙන්නා යම් ඉල්ලීමක් ඉල්ලනතුරු...
Bamunuarachchi Thursday, 20 June 2024 08:35 AM
Vernon හලෝ ඉල්ලීම් ඉල්ලන්න චන්දෙ ලං වෙනකම්ම හිටියද? ඔය ඉල්ලීම් මතුපිටින් කියන ඒවා නොවෙයි ඇතුලත තිබෙන්නේ. වර්ජන කියනකොට රටේ ජනතාවට එන්නේ මහ පිළිකුලක්. ඒ නිසා වර්ජන කියනකොටම මුන්ව ප්‍රතික්‍ෂ්ප කරනවා. මට ඉල්ලීම් නැහැ තිබෙන එකම ඉල්ලීම ජෙප්පන්ට බලය දෙන්න එපා කියලා.