IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිකරණයේ ’’ආරච්චි’’ ලෙස පෙනී සිට මත් ජාවාරම් කළ කාකාස රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණයේ  අධිකරණ "ආරච්චි"වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය  ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු නිමන්ත  ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල මහතා අද(15) නියෝග කළේය.

වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ආර්.ඒ.තරිඳු නිමන්ත රසික නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනගාර  ගත කළේය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ බෝඩිමක නතර වී සිට ඇති සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10800 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන රත්නපුර ප්‍රදේශයේ ජාවාරම් කරන්නේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  සැකකරු රක්ෂිත  බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින්, විමර්ශන ප්‍රගතිය ලබන විසි හතර දින අතිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය. 



අදහස් (2)

අධිකරණයේ ’’ආරච්චි’’ ලෙස පෙනී සිට මත් ජාවාරම් කළ කාකාස රිමාන්ඩ්

Perera Thursday, 16 January 2025 07:19 AM

අධිකරණ ආරංචි මාර්ග කියන්නේ විනිසුරුවරයාගේ පියුම්

:       0       1

Gayan Thursday, 16 January 2025 11:23 AM

එහෙම කරනකන් රෙජිස්ටාර් බුදි ද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site