(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) රාත්‍රී පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ ජනරේටර් (විදුලිජනක යන්ත්‍ර) ක්‍රියාකරුවකු ලෙස සේවය සැපයීමට නියමිතව සිටි පුද්ගලයකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ක්‍රීඩාංගණයට ඇතු`ළවීමට පෙර අද පෙරවරුවේ කළ රැෆිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවෙන් ඔහු ආසාදිතයකු බවට තහවුරු වූ බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd