IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අදායම්බදු නිලධාරියෙක් ලෙස පැමිණ වෙළෙදසැල් පරීක්ෂා කළ හමුදා සෙබළා රිමාන්ඩ්

(ආනන්ද ඉ ජයකොඩි)

කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්ගොඩ නගරයේ විවෘත කොට තිබෙන වෙළඳ හලකට  පැමිණ   ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු ලෙස පෙනී සිටිමින් බලපත්‍ර පරීක්ෂා කළ බව කියන සැකකාර හමුදා සෙබළෙකු මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද  (09) නියෝග කළාය.

වේයන්ගොඩ බැවන්වත්ත පදිංචි ජේ ඒ ලහිරු සම්පත් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

මොහු රාගම රෝහලේ මානසික රෝග පිළිබඳ වෛද්‍ය වරයෙකු වෙත ඉදිරිපත් කොට ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව ඊළග දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් හට නියෝග කළාය.

එම නියෝගය මහර බන්ධනාගාර අධිකාරී වරයා මගින් ක්‍රියාත්මක කිරීමට ද නියෝග කෙරෙිණි..

කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී සැකකරු පෙරේදා (08) දහවල් වේයන්ගොඩ  නගරයේ විවෘතව තිබෙන වෙළඳ හලකට පැමිණ තමන් ආදායම් බදු  දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිළධාරියෙකු බව  පවසා විවෘතව තැබීමේ බලපත්‍රය පරීක්ෂා කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේ වෙළඳ හලේ හිමිකරුට සැක සිතී ස්වයංක්‍රිය යතුරකින් වෙළෙඳ හලේ දොර වසා වේයන්ගොඩ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මොහු අත් අඩංගුවට ගෙන තිබිණ.

සැකකරු ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් වෙළඳ හලට පැමිණ බලපත්‍ර පරීක්ෂා කිරීමට ඉල්ලා ඇති බවත් මොහු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නොවන බවත්  හමුදා සේවයේ යෙදී සිටින අයෙකු බවටත් පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වේයන්ගොඩ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ ඒ ඒ නන්දසිරි මහතා කරුණු දක්වමින් කියා සිටියේය.

නැවත කැදවීම මේ මස 22 වනදාට කල් තැබිණ.

වේයන්ගොඩ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ ඒ ඒ නන්දසිරි මහතා පැමිණිල්ල මෙහෙය විය.

 

 



අදහස් (0)

අදායම්බදු නිලධාරියෙක් ලෙස පැමිණ වෙළෙදසැල් පරීක්ෂා කළ හමුදා සෙබළා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31083 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13225 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 37 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site