
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මෙ වන විට උග්‍රවී ඇති අතර ,ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රීලනිපය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
පුරප්පාඩු වී ඇති ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සතිය පුරා ඒ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවති බවද වාර්තා වේ .
ආණ්ඩුව තම පක්ෂය නොසලකා හරිමින් කටයුතු කරන බවට එම පක්ෂයේ බොහෝ දෙනෙකු පසුගිය කාලය පුරා චෝදනා කළ අතර, මේ හේතුවෙන් පළාත් පාලන ආයතන වල අයවැය ඡන්ද විමසීම් වල දී තමන්ට කැමති තීන්දුවක් ගන්නැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ,ඇමැති මහින්ද අමරවීර මහතා පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය .
මේ අතර ,පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් මඩ ප්‍රහාර ගෙනයන බවට පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ඇති ඇතිවූ මත ගැටුම පක්ෂ දෙක අතර පවතින දේශපාලන විරසකයෙ උච්චතම අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති
COMMENTS
අයවැය ඉවර වුණාම ඔය ප්‍රවෘත්ති මවන්න ගහන ගැට නිකන්ම ලිහිලා ආයෙත් යාලු වෙනවා.
අපේ ගම් වලත් කුළීකාරයා, පොලීකාරයා එද්දී ගෙදර ගෑනියි මිනිහයි හේතුවක් නැතුව රණ්ඩු කරනවා. එළියට ඇහෙන්න කෑගහනවා. කුළීකාරයා, පොළීකාරයා එළවාගන්න. ආණඩුව මේ කරන්නෙත් ඒ තියරියම තමයි. රටේ ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරන්න පොඩි ඩ්‍රාමා එකක්. තව සති දෙකකින් දෙපැත්තෙම අණ්ඩපාලයෝ එකතු වෙලා... රටේ සංවර්ධනය ඉදිරි ගමන ගැන හිතලා අර්බුදය විසඳා ගත්තා. දැන් අපි ඉස්සරටත් වඩා ශක්තිමත් ආණ්ඩුවක් කියලා කියයි.
කෙටි කාලයක් නමුත් මේ දෙගොල්ලන් එකට හිටපු එක ගැනයි අපට පුදුමෙ. දෙගොල්ලන්ම දඟලන්නේ මුල්තැන ගන්න. රට බල්ලට. අපි අනාථයි…!
එතකොට අර බැසිල් ලෑන්ඩ් රෝවර් එකෙන් බෙදපු සල්ලි ඒ පැත්තෙන් මේ පැත්තට ගන්න ඒවා ගෙවන්න වෙයිද?
‘‘යා දෙක නොරත රත‘‘
ඔය ඔක්කොම අවුල අපිට පෙන්නන්න විතරයි...
ඉතිහාසයේ හවුල් ආණ්ඩුව ඇතුලේ මණ්ඩලේ කචල්... ඉදිරියේදී උණුසුම් පුවත්, රහස් හෙළිවේවි... එ්කත් ලොකු දෙයක්...
ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට කිසිවකු සමගවත් සමගිව ඉන්නම බැහැ... හරියට වැඩක් කරන්නත් බැහැ... දැක්කා නේද අරයගේ ගෑස් ප්‍රශ්නේ...
බොරුවටද? දෙකට බෙදෙනවා ඡන්දේ ළංවෙද්දී... ඊට පස්සේ ආයිත් එකතු වෙනවා. අපේ මෝඩ මිනිස්සු අායිත් රැවටෙනවා..
අන්න හරි. වෙනම ඉල්ලන්න. රනිල්ට වුණු දේ මතකයි නේද? මෙයාලා හිතන්නේ මන්ත්‍රිවරු 10ක් විතර තමන්ගේ පක්ෂයෙන් ආවේ එයාලාට දීපු ඡන්ද නිසා කියලා. සිහියට ගන්න එක පාරක් ජේවීපී සහෝදරයින් 39ක් ආවම එයාලා හිතුවේ වැඩේ හරි කියලා. ඒක වුනේ කෙහොමද කියලා බලන්න ....
ඕවා අලුත් දේවල් නෙවෙයි. ඡන්දෙට කලින් කතා වෙලා බෙදෙනවා. ඡන්දෙ ඉවර වුණාම එකතු වෙනවා...
මේ රටේ දේශපාලනයේ නොයෙකුත් වාද භේද, ගෝරි, උප්පරවැට්ටි, රැවටීම් ආදියෙන් අඩුවක් නොමැති බව දන්නෝ දනිති. සිතෙනා විදිහට මෛත්‍රීපාල මහතා වර්තමාන තත්වය ඇතිවීම සම්බන්ධයෙන් සෑහෙන වගකීමක් බාරගත යුතුයි. බලයට ඇති කෑදරකම නිසා ඔහු බොහෝ නොකළයුතු දේ සිදු කළේය. එජාපයේ හා ශ්‍රීලනිපයේ ඇද වැටීම් සිදුවීමට මුල්වූයේ ඔහුගේ ඇදහිය නොහැකි ක්‍රියාවන්ය. එහෙත්, කල්යල් බලා මහින්ද මහතා වෙත නැවතත් ලංවූ ඔහු පොහොට්ටු රජයේ ආරක්ෂාව හා සෙවණ ලැබුවේය. එයින්ම පෝෂණය වෙමින් හා සියලු වරප්‍රසාද ලැබූ හා ලබන මෛත්‍රීපාල මහතා ඇතුළු සෙට් එක කාබනික කෘෂිකර්මයෙන් රජය ලත් අපහසුතා හා ජනතා විරෝධතා වාසියට ගෙන ශ්‍රීලනිපය ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල අරඹනු පෙනුණි. එකට කෑවත් බොක්ක වෙනස් යන කියමන සනාථ කරමින් කල්යල් බලා තම කරළ කපා ගැනීමට මෛත්‍රිපාල මහතා සැරසෙනු පෙනේ. ඔහුගේ අනුගාමිකයින්ද, මෙතෙක් යැපුණු පොහොට්ටුවට පයින් ගසා ඔහුට සහාය දෙනු පෙනේ. එහෙත්, ඔහුගේම එම ක්‍රියා කලාපය අද ඔහුටම පාරා වළල්ලක් වී ඇති බව පෙනේ. මේ කරුණුකාරණාවලින් පෙනී යන්නේ රටේ දේශපාලනයේ ඇති පිළිකුල් බව නොවේද?
ගිලෙන නැවෙන් ඉස්සෙල්ලම පනින්නේ මීයෝ. මීයෝ ටික පැන්නත් කපිතාන් බැසිල් එක්ක 69 ලක්ෂයක් නැවත් එක්ක ගිලෙන්න නැවේ එල්ලිලා ඉන්නවා...
බලයේ ඉන්නේ මේ ටික ඇනකොටා ගන්නා විට විපක්ශවල ඉන්න හාරත බුරුවන්ට කනට මීපැණි දමන්නා ලෙස සතුටින් ඉපිලෙති. කවුරුන් කිව්වත් නැහැ... එහෙම නැති ලෙස මෙය තමයි අප රටේ තිබෙන තුට්ටුදෙකේ නිවට දේශපාලනය...
ඕවා ඉතින් බත් හැලිය ඉදෙනකල් විතරයි. ඡන්දයක් ආව දාට ඔය සේරම විරසක අමතකයි.
පවුලේ උදවිය හොඳ හොඳ ඇමැතිකම් ගත්තා. දර දිය ඇදපු අයට කුඩම්මාගේ සැළකිලි . කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා කතාවක් තියෙනවා .
ඔය කිසිම දේශපාලන පක්ෂයක පුද්ගල චරිතවල මිස ප්‍රතිපත්ති හෝ ක්‍රියාකාරකම්වල වෙනසක් අපට නම් පෙනෙන්නේ නැහැ. වර්තමානයේ බිහි වූ සියලු දේශපාලන පක්ෂ පුද්ගල චරිතවලට බලය නොලැබීම නිසා බිහි වූ ඒවා පමණි. පොහොට්ටුව ,ශ්‍රීලනිපය, එජාපය ,සජබ කවුරු ආවත් පුද්ගලයින් මිස රටාව වෙනස් නොවේ. මෙය මා කියන අළුත් දෙයක් නොවේ රටම දන්නා දෙයක්. නරකම දේ නම් ජනතාව දැන දැනම මේ ක්‍රමයම මාරුවෙන් මාරුවට රජ කරවීමයි.
මේ දෙගොල්ලම එක වල්ලේ පොල්... දෙකේම නායකත්වය සිට පහළටම ඉන්නේ බොරු කියන, හොරකම් කරන පාදඩ අයයි. ඔවුන්ට ජනතාව දැන් රැවටෙන්නේ නැහැ.. පාස්කු ප්‍රහාරයත් මේ දෙගොල්ලගේ වැඩක්.. ඒක පැහැදිලිය.
මෛත්‍රි මහත්තයා හොඳයි...
ආත්ම ගෞරවයක් තියේ නම් පොහොට්ටුවෙන් ඉවත් විය යුතුමයි .කරන පාහර නින්දිත වැඩ මදිවට කියන සක්කිලි කතා අහගෙන රිලව් වගේ එල්ලිලා ඉන්නේ වරප්‍රසාද වලට තියන මල පෙරේත කම නිසා කියලා කව්ද නොදන්නේ