
(අංජුල මහික වීරරත්න)
ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත විය. 90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියෙහි පසුවිය.
සුසුම වී මගේ ,හැඟුමන් පාවී හැඟුමන් යාවී ,නිල් නුවන් පියවිලා ,ආත්මයෙන් ආත්මයේ, කඳුලක් දෙවන්නද, අප්සරාවක් දෝ ඔබ, කර බඳින රත්තරන් ,සිත මා හඬ හඬා, ඉකි බිඳ හඬා මා, සුරදූතියෝ, රතු පලසේ,හිම මාවතේ, මුතු කඳුලින් ,අවන්හලේ මා ලගින්, අතුල ශ්‍රී ගමගේ මහතා ගැයූ ජනප්‍රිය ගී අතුරින් කිහිපයකි.
අතුල ශ්‍රී ගමගේ මහතාගේ දේහය අංක 196/1 පට්ටිය වත්ත පාර ,කොතලාවල, කඩුවෙල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාකරුවාණෙනි, අප ආදරය කළ ගායකයාණෙනි, ඔබ වේලාසනම යන්න ගියා... ඔබට සුබ ගමන්...! සසර ගමන සුවපත් වේවා...!
යුග යුග හද බැඳි ගායකයාණෙනි ඔබට නිවන් සුව !!!