IMG-LOGO

2024 ජුනි මස 16 වන ඉරිදා


අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා

(එම්.කේ.නන්දසේන)

මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි  සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති  විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය කියයි.

 මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇත. ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබිණි.

මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූහ.

විහාරස්ථානයට ගොස් මහණ වී සිටින මදුරන්කුලියේ සුබෝධි නැමැති පොඩි හාමුදුරුවන්ගෙන් කතාබහ කිරීමට ද අවස්ථාව අපට ලැබිණ. "" ආච්චි අම්මා, තාත්තා  පොඩි හාමුදුරුවන් කැඳවාගෙන යාමට පැමිණෙන බවත්, එසේ පැමිණි පසු ගෙදර යනවා දැයි විමසූ විට කියා සිටියේ "මා යන්නේ නෑ, මගේ ආසාව තමයි මහණ වීම" යැයි කියා සිටියේය.



අදහස් (20)

අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා

ඇබිත්තයා Wednesday, 22 May 2024 06:38 PM

සුද්ධෝදන රජතුමා නන්ද කුමරු හා රාහුල කුමාරයා මහණ කළාට පස්සේ දෙමාපියන්ගේ අවසරය නැතුව දරුවෝ මහණ කරන්න එපා කියලා ඉල්ලීමක් කලා බුදුහාමුදුරුවෝ ඒක අනුමත කර දෙමාපියන්ගේ අනුදැනුම නොමැතිව දරුවෝ මහණ කරන්න එපා කියලා ශික්ෂා පදයක් පැනවීම කළා. මේ දරුවා මහණ කිරීමේදී බුදුහාමුදුරුවෝ පැනවූ ශික්ෂා පදය කැඩුවාද කියලා බලනවා නම් හොඳයි නේද?

:       21       137

පියනන්ද හිමි Wednesday, 22 May 2024 06:43 PM

මේ දරුවා පැවිදි කළ හාමුදුරුවෝ වරදක් කරලා තියෙන්නේ. භාරකරුවන්ගෙ අවසරයකින් තොරව මහණ කරන්න බෑ හිතුමතේට. මුන්නාන්සෙලා තමයි සාසනේ අපචාර කරන්නෙත්

:       6       30

TG Liyanage Wednesday, 22 May 2024 06:49 PM

එහෙම මහණ කරන්න ලොකු හාමුදුරුවන්ට ඇති අයිතිය මොකක්ද?

:       2       1

නිමල් Wednesday, 22 May 2024 06:53 PM

දැන් ඉතින් නිරාගමිකයෝ මහණ කරපු ලොකු හාමුදුරුවන්ට බණියි. ඒ අයට ඩොලර් එනවානේ...

:       90       44

Ruvan Wednesday, 22 May 2024 07:56 PM

@නිමල්, මම නම් හොඳ සිංහල බෞද්ධයෙක්. නමුත් මමත් ඉගෙනගෙන තිබෙන්නේ බුදුන් වහන්සේ රාහුල හිමියන් මහණ කිරීම නිසා මතුවුණ ප්‍රශ්නයේදී සුදොවුන් රජු සමග එකඟ වූ බවයි බාල වයස්කාර දරුවන් මහණ කිරීමේදී මවුපිය බාරකරුවන්ගේ අවසරය ගතයුතු බව. රටේ නීතිය අනුවත් ඒ ගුරු හාමුදුරුවන් විසින් පළාතේ පොලිසිය දැනුවත් කරන්න තිබුණා.

:       3       63

Lalla Wednesday, 22 May 2024 09:05 PM

ඔය විදිහට ගෙවල්වල ඉන්න දරුවෝ අරගෙන ගිහිල්ල සුරංගනා ලෝක පෙන්නල මහණ කරන්න බැරිද? භික්ෂූන්ට ඕන විදියට මහණ කරන එකද නැතිව දරුවා ගැන පොලිසියට දෑනුවත්කර නිවැරදි ලෙස භාරකරුවන්ගේ අවසරය ගෙන මහණ කිරීමද හරි....නීතිය නොදැන සිටීම නිවැරදිකරු වීමට හේතුවක් නොවේ කියල තියෙනව නේද?

:       6       54

නිහාල් Wednesday, 22 May 2024 09:38 PM

ලොකු හාමුදුරුවන්ගෙ නම සූගල්කන්දේ මදත්ත නොවේවා.

:       7       30

Prabha Wednesday, 22 May 2024 09:40 PM

නිමල් ඔතන කඩලා තියෙන්නේ බුදුන් දුන්න ශික්ෂා පදය.. මහ ලොකු බෞද්ධයන් වුනාට එකවත් දන්නේනැ...දෙමව්පිය අවසරයකින් තොරව මහණ කරවිම

:       4       52

nihal Thursday, 23 May 2024 06:30 AM

නිමල්, රුවන්ගේ ප්‍රකාශය බලන්න. එය සම්පූර්ණයෙන්ම සත්‍යයක්.

:       1       9

pakeer Wednesday, 22 May 2024 08:00 PM

ළමයාගේ කැමැත්ත පරිදි එම ලමයා මහණ කර ගැනීම පිලිබද සලකා බැලිය යුතුයි...ඒවාගේම බුදුරජුක් පැනවු එම රේගුලාසියද සලකා බැලිය යුතුයි මෙවැනි පින්බර වෙසක් පෝ දිනයක

:       7       5

m. saman perera Wednesday, 22 May 2024 08:19 PM

දෙමව්පියන්ගේ අවසරය නැතිව පැවදි කරන්න බැ නේද

:       3       35

කුසුම් Wednesday, 22 May 2024 08:55 PM

දෙමව්පියන් හෝ භාරකරු අවසරයකින් තොරව 12 හැවිරිදි දරුවෙක් පැවිදි කරන්න බැහැ නේද අවසර. මෙය ලමා අයිතිවාසිකම් සහ සාසන විනය කඩකිරීමකි.

:       3       37

දිසානායක Wednesday, 22 May 2024 11:29 PM

මේ ලෝකේ කිසිම දෙයක් තමන්ට ඕන විදිහට සිද්ධ වෙන්නේ නෑ කියන එක, කිසිම කෙනෙක් තමන්ට ඕන විදිහට ඉන්නේ නෑ කියන එක, සියල්ල තුල තියෙන්නේ දුකක් විතරයි කියන එක ඇතුළුව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රශ්න වලට මුණ දුන්න ප්‍රශ්න ඇතුලේ ජීවත් වෙන ගිහියන්ට විතරයි. වැඩිපුර ප්‍රශ්න එන කෙනාට වැඩිපුර ඒ දේවල් අවබෝධ වෙනවා. එහෙම ගිහියෙක් විදිහට ඉඳලා අවබෝධ කරගත්ත සත්‍ය තව කෙනෙක්ට පහදලා දෙන්න තමා කෙනෙක් මහණ වෙන්න ඕන. එතකොට සිවුරට තියෙන ගෞරවය භය නිසා උන්වහන්සේ කියන දේ අහන කෙනා ඇත්තක්ද කියලා හිතලා බලනවා. එහෙම නැතුව මහණ වෙලා ප්‍රශ්න වලින් පුළුවන් තරම් ඈත් වෙලා වෙලා ඉන්න, ජීවිතේ තියෙන ප්‍රශ්න මොනවද කියලවත් හරි හැටි අත්දැකීමක් නැති කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ.

:       4       5

ලුම්බිණි Thursday, 23 May 2024 05:58 AM

සම්පුර්ණ වැරදි වැඩක්.

:       0       11

Indhika Thursday, 23 May 2024 06:40 AM

12ට අඩු ගැහැණු ළමයින්ව විවාහ කරගන්න පුළුවන් රටේ, ඕකත් පුළුවන් කර නම් ඉවරනේ.

:       0       14

ලක්ශ්මන් Saturday, 25 May 2024 03:29 PM

අවුරුදු 12ට අඩු ගැහැනු ළමයින්ට විවාහවෙන්න අවසර නෑ.

:       0       1

බුද්ධික Thursday, 23 May 2024 11:38 AM

මව් ලඟ නොමැතිව හැදෙන දරුවන්ට බොහෝ පීඩාකාරී තත්වයන්ට මුහුණපෑමට සිදුවනවා. එය දන්නේ එයට මුහුණපාන දරුවා පමණයි. පණ්ඩිතකම් කියන කිසිවෙක් එම දරුවන්ට මව නොමැතිව විඳීමට සිදුවන කරදර පිලිබඳව සොයාබැලීමට ඉදිරිපත් වන්නේ නැහැ. සමාජයේ වැරදිකරුවන් වනවාට වඩා ඔහු ගත් තීරණය වැදගත්.

:       1       7

Sumith Friday, 24 May 2024 05:49 AM

හාමුදුරුවන් වරදක් කරලා, දෙමාපියන්ට, පොලිසියට හෝ අවම තරමින් ග්‍රාමසේවකට දන්වන්න තිබුණා දරුවා ගැන හා සාසනයට ඇතුල් කිරීමට දෙමාපිය /බාරකරු ගේ අවසර ගැනීමට...

:       0       0

සුසිල් නෙත්තිකුමාර Friday, 24 May 2024 10:51 AM

ළමාරක්ෂක අධිකාරිය වහාම මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. මෙයද ළමා අපයෝජනයක් වියහැක.

:       0       0

ගීතා අපොන්සු. Friday, 24 May 2024 11:16 AM

මොන හේතුවක් නිසා හෝ ගෙදරට නොදන්වා ගිය දරුවාගේ ජීවිතය අද ආරක්ෂිතයි. සල්ලාලයින්ට, මෙහෙකාර සේවයට රවටා දරුවෝ ගෙන යන කෙනෙකු අතට පත් නොවී ඉරණම මෙසේ විසඳීම දරුවාගේ පෙර පිනක්... ස්වාමින් වහන්සේ බලෙන් ගෙනියලා මහණ කළේ නැහැනේ. සුනීත, සෝපාක වැනි දරුවන් ඔවුන් අසරණ තත්වයෙන් මුදාගෙන ගොස් මහණ කරද්දී ඒ දරුවන්ගේ දෙමාපියන්ගෙන් බුදුපියාණන් අවසර ගත්තේ නැහැනේ. මේ දරුවා රැකගත් ගරු ස්වාමින් වහන්සේට වැඳ වැඳ පින් දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

උණුසුම වැඩිය: හජ් වන්දනාකරුවෝ 6 ක් මැරිලා
2024 ජුනි මස 16 166 0

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.


රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ
2024 ජුනි මස 16 210 0

රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.


මහවිලච්චියට නව ප්‍රා. ලේ කාර්යාලයක්
2024 ජුනි මස 15 317 0

අභිනවයෙන් ඉදිකරන ලද මහල් දෙකකින් යුත් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින ව


යුක්රේන තරුණිය ඔහිය බිංගෙයක හැපේ
2024 ජුනි මස 15 1505 0

කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිට


අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ
2024 ජුනි මස 15 398 0

අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වෙයි. වඳුරු උණ හැදින්වෙන්නේ එම්.පොක්ස් යනුවෙනි.


කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටී
2024 ජුනි මස 15 1256 0

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබමින්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, මහජන උත්සවයකට සහභාගී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1291 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3012 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2472 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site