
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා අසභ්‍ය අභිනයක් කිරීමෙන් තමන්ගේ වරප්‍රසාද කඩවුණ බවට සඳහන් කරමින් ඉදිරිපත් කෙරුණු වරප්‍රසාද ප්රශ්නය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය
අධිකරණ ඇමතිතුමා අසභ්‍ය අභිනයක් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවීම හේතුවෙන් මේ යෝජනාව ඉදිරිපත් කළා. මගේ පැරණි මිත්‍රයාට සමාව දෙන්න තීරණය කළා. මම ඔහුට මෛත්‍රී කරනවා. සමාව දීම දේව ගතියක් කියලා අපේ මවුපියන් වැඩිහිටියන් උගන්වල තියෙනවා.
එතුමා අතින් වරදක් සිද්ධ වුණත් ඒ ගැන අහිතක් නැහැ. මේ වරප්‍රසාද ප්රශ්නය ඉස්සරහට ගෙනියන්නේ නෑ.මොකද මේ ක්‍රියාදාමය තුළ එතුමාට පෞද්ගලිකව අගතියක් සිද්ධ වෙන්න පුළුවන් .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
76 වසරක සාපයේ කොටස්කරුවෙක්, 60 වසරක් / දශක 6ක් රට ආර්ර්ථික අගතියට පත්කල දකුනේ ත්‍රස්තවාදය රජකල කුහකුයෙක්ට “මහත්මා” ගති කියා දුන් වගයි.
බම්බුව තමයි. මේ මනුස්සයාට මානසික ලෙඩක් වගේ...
පාර්ලිමේන්තුවට අති විශාල මුදලක් වැයකරලා ,අපිට අහන්න, පෙනෙන්න තියෙන පුවත් !! මම ආසම පාර්ලිමේන්තුව සිංගපූරු පාර්ලිමේන්තුව. පක්ෂ විපක්ෂ හැමෝම වැඩ්ඩෝ ,අපේ වගේ ගොන් වැඩ කරන උන් පාර්ලිමේන්තුව පැත්තෙවත් ගන්නේ නැහැ. professionals ල ඉන්නේ, පඩියක් ගන්නවා,රටට වැඩක් කරනවා -එච්චරයි අපේ එකත් කවද හරි එහෙම වේවා ! ⚖️ නීතිය (Law): ~15–20 දෙනා
පණ පලයං ලබන පෙරේදා කිව්වාලු.
එහෙමද.. නැත්නම් සාක්ෂි නැති නිසා ඕක ඉදිරියට ගෙනියන්න බැරි නිසාද?
මොකද්ද දන්නේ නැහැ වරප්‍රසාදය කඩවෙන්ඩ තරක් කරපු අසබ්ය අබිනය? හිතාගෙන ඉන්නේ නම් සාන්තුවරයෙක් කියලා?
අනේ තමුසෙගේ කයිවාරුවේ තරම අපි නොදන්නවායැ, වරප්‍රසාද කමිටුව හමුවේ පච වෙන්න වෙන බව දැනගෙන ඒක ඉල්ලා අස්කර ගන්න ඇත්තේ !