
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
පසුගියදා පූජා භූමි රක්ෂිතයට අලි 6 යුත් රංචුවක් පැමිණ සිටි බවත් අලුයම 5.30 පමණ මෙම රෝහල ප්‍රදේශයේ අලි කිහිපදෙනෙකු සැරිසරමින් සිටිය බව පුරාවිද්‍යා නිලධාරීන් පොලිසිය දැනුවත් කර ඇත.
මෙම ගල් කණු පෙරලා විනාශය සිදු කළ පසු පුරාවිද්‍ය නිළදාරීන්එම ස්ථානයට යනවිටත් එක් අලියෙකු ඒ් සමීපයේ සිටි තිබේ.
බැතිමතුන් ගැවසෙන මෙම ප්‍රදේශයේ අලි ගැවසීම හේතුවෙන් වනජීවී නිළදාරීන්ට මේ පිළිබදව දැනුවත් කර ඇති අතර දහවල් කාලයේ අලි එලවීම සිදු කළහොත් අවට ගම්වාසීන්ට සහ මාර්ගය භාවිතා කරන්නන්ට හානියක් වීම හේතුවෙන් අලි එලවීම සිදු කර නොමැත.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට නිරන්තරයෙන් ගම්මාන්යන්ට වල් අලි කඩාවදින අතර මේ දිනවල ගොවීන් අස්වනු නෙලීම අවසන් කර තිබීම හේතුවෙන් මැදිරිගිරිය වටදාගෙය පූජාභූමිය දක්වා ප්‍රදේශයට අලි කඩා වදින බවත් මේවනවිටත් වටදාගෙය රක්ෂිතයේ අලි රංචුවක් සිටින බව ගම්මු පවසති.
මෙලෙස දහවල් කාලයේ පවා විශාල වශයෙන් ඒ් අවට මාර්ගය භාවිතා කරන්නන්ට සහ බැතිමතුන්ට මෙය දැඩි අවදානමක්ව ඇති බවද ඔවුහු පවසති.
2025 නොවැම්බර් මස 21
169
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
ජිල්බු Monday, 07 October 2024 05:57 PM
අලි කිව්වා නේද? හිටපු අලිද? එහෙනම් නිධන් හෙව්වාද දන්නෑ..!
Venrix Tuesday, 08 October 2024 10:24 AM
වල් අලි මේ රටට අවශ්‍ය නැත