(අංජුල මහික වීරරත්න)
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාල අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා දැනුම් දී සිටී.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්,රජයේ සංස්ථා, මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප‍්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත අග්‍රාමාත්‍ය ලේකම්වරයා අදාල දැනුම් දීම කර ඇත.
රජයේ ආයතන විසින් රජයේ අරමුදල් යොදා ගනිමින් සංවිධානය කරනු ලබන විවිධ උත්සව, වැඩසටහන් ඇතුළු සියලු කාර්යයන් රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකූල වීමත් ඒ සඳහා ප්‍රශස්ත රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීමත් කෙරෙහි අවධානයට යොමු කරනු ලබන අතර, එසේ සංවිධානය කරනු ලබන කිසියම් කාර්යයකදී සමරු ඵලක, ස්මාරක, සමරු කලාප ඇතුළු සියලු මුද්‍රිත හා විද්‍යුත් ප්‍රකාශන සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප මෙන්ම පණිවුඩ යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාල අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා කළ දැනුම් දීමෙහි වැඩිදුරටත් සඳහන් වේ.
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මීට පෙර උපදෙස් ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට රටේ සල්ලි නාස්ති කරන සියලු උත්සව , අවශ්‍ය කාර්ය සඳහා පමණක් යොමු වුණාම ඉවරයි. දන්නා කාලයේ ඉඳන් කරපු නාස්ති නිසා හදාගන්න අමාරු වෙයි. හැදුනොත් දිගටම පවතියි.
රටේම අපලය - කුරහන් සාටකය.
දවස් කියටද?
ඔන්න ඔය වගේ නැහැදිච්ච භාෂාව නිසා තමයි අපිට මේ අයව එපා වෙලා යන්නේ. ඡන්දයක් දෙන්න හිතෙනවාද මේ විදිහට කතා කරන්න නොදන්න අයගේ පක්ෂයකට. ඉස්සෙල්ලා තමුන් හැදිලා ඉන්න අනික් අයව හදන්න කලින්...!
ඇයි අර...? මුහුණු ලස්සන මදිද පෙන්නන්න. මුද්දරවලට දාන්න එපා කියලා කියන්න අමතක වුණාද? කරන්නන් වාලේ නීති දාන එක විහිළුවක්... ලෝකයේ සෑම රටකම වගේ තියනවා රාජ්‍ය නායකයින්ගේ පින්තූර ප්‍රදර්ශනය කිරීමේ සිරිතක්. ආණ්ඩු කරනවා කියලා සියලු සම්ප්‍රදායන් විනාශ කරන පිරිසක් බවට පත් විය යුතු නැත...