
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මෙරට දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන ආන්තික ජන කොට්ඨාසයක් වන මලෛහම් වතු කම්කරුවන්ගේ ඉඩම්,නිවාස, අධ්‍යාපන ඇතුළු මූලික අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.
ඉදිරිපත් කෙරුණු දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන මලෛහම් ජනයාගේ මූලික ඉල්ලීම් සහිත ප්‍රකාශනය කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු වූ අතර දරුවන්ගේ පාසල් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු පහසුකම් සම්බන්ධව සෘජුව මැදිහත් වී කටයුතු කරන බවත්, යටිතල පහසුකම් හා ඉඩම්, නිවාස ගැටලු සම්බන්ධව අදාල අමාත්‍යවරයා වෙත යොමු කර එම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මෙම සාකච්ඡාව සඳහා වතුකරයේ ජනතා හඩ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාසන් මහතා, වැඩසටහන් අධ්‍යක්ෂිකා රවීනා හසන්ති මහත්මිය, ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක රාජන් මහත්මිය ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.