IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අගමැති මෝදි ‘ජී7’ නායකයෝ හමුවෙයි

පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු මෝදිගේ පළමු විදෙස් සංචාරය මෙයයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වන 11 වැනි අවස්ථාව මෙය වන අතර, නරේන්ද්‍ර මෝදි ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස, ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන්නේ 5 වැනි වරටය.  

සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනී ද හමුවීමට නියමිතය.

‘ජී7’ සමුළුව පැවැත්වෙන්නේ ඉතාලියේ ඇක්විලා පළාතේ, බෝගෝ එග්නාසියා නමැති සුඛෝපබෝගී නිවාඩු නිකේතනයේය. ‘ජී7’ රටවල් වන්නේ ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජපානය සහ ඉතාලියයි. ඉන්දියාව ‘ජී7’ සමුළුවට සහභාගී වන්නේ සාමාජික රටක් නොවුණත්, ‘ජී7’ කණ්ඩායමට වැදගත් රටක් ලෙසය. ඉන්දියාවට අමතරව තවත් රටවල් කීපයක් ද සමුළුවට එක්වෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

අගමැති මෝදි ‘ජී7’ නායකයෝ හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site