IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අගමැති නෙදන්යාහු සටන් බිමට

ඊශ්‍රායල හමුදා දකුණු දෙසින් දේශසීමා හරහා ගාසා තීරයට පහර දීම ආරම්භ කරද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද වෙඩි නොවදින කබායකින් සැරැසී, දේශසිමාවේ සිටි එම සෙබළුන් හමුවීමට ගියේය.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු ගැටුම් පවතින ඊශ්‍රායල ගාසා දේශසීවාමට ගොස් ඊශ්‍රායල සෙබළුන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

ගාසා හමාස් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමට සැවොම එක් විය යුතු යැයි එම අවස්ථාවේදී ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවධාරණය කළේය.

1988 වසරේ දී දේශපාලනට පිවිසීමට පෙර නෙදන්යාහු ඊශ්‍රායල හමුදා නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සොයා මුලිනුපුටා දැමීමේ අරමුණින් ඊශ්‍රායලය ගොඩබිමින්, ගුවනින් සහ මුහුදින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ගාසා තීරයේ උතුරු කොටසේ පළාත්වලය.

මෙහෙයුම ආරම්භ කිරීමට පෙර, ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි මිලියන 1.1 ක පලස්තීනුවන්ට ඊශ්‍රායල රජය නියෝග කළේ වහා ගාසා තීරයේ දකුණු කොටසට යන ලෙසය. ඒ, සඳහා පැය 24 ක කාලයක් ද ලබා දී තිබුණි.

කෙසේ නමුත්, ඊශ්‍රායල හමුදාව, එම පැය 24 ගෙවී යෑමටත් පෙර සිට ම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කළේ යැයි විදෙස් මාධ්‍ය පැවැසීය.

පලස්තීන පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, ගාසා තීරයේ උතුරු කොටසින් පලා යමින් සිටින පලස්තීන සිවිල් වැසියන්ගේ මොටර් රථවලට පවා ඊශ්‍රායල හමුදා පහර දුන් බවය. ඊශ්‍රායල හමුදා කළ පහරදීම්වලින් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 1,500 පසු කර තිබේ.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් සිදු කරන්නේ හමාස් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබූ ඊශ්‍රායල වැසියන් ද සොයමින්ය. හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායල භූමියට කඩා වැදුණු අවස්ථාවේදීය.

ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සටන්කාමීන් රදවාගෙන සිටින පිරිස අතරේ කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ද සිටින බව වාර්තා වේ. ඊට අමතරව ඇමෙරිකන් ඊශ්‍රායල පුරවැසියන් කීප දෙනකු ද හමාස් ප්‍රාණ ඇපයේ සිටිනවා යැයි ඇමෙරිකාව පවසා තිබේ.



අදහස් (1)

අගමැති නෙදන්යාහු සටන් බිමට

Rata Perata Sunday, 15 October 2023 01:21 PM

ඒකට අපේ හිටපු උන් ,ඒ සී කාමර වල වීරයෝ .කොළඹට වෙලා පපුවට ගහ ගහ මිනිස්සු ආණ්ඩුව ,යුද්ධේ ඇත්තටම කරපු නායකයන් උන සරත් ෆොන්සේකා හිරේ දැම්මා .බයියන් නිසාම හොඳයි මුන්ට තවම ඉන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site