
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew John Duckworth මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.
මෙම හමුවිමේ දී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව පිළිබඳවත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා පිළිබඳවත් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ආර්ථික හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් කලාපීය සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳවත් සිහිපත් කළාය.
කලාපීය සහ බහුපාර්ශ්වික වැඩසටහන්වල වැදගත්කම පිළිබඳවද ඇය අවධාරණය කළා ය.
එසේම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන රාමු සහ තාක්ෂණික සහාය සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඉල්ලා සිටියා ය. එමෙන්ම වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම සඳහා දැනුම, තාක්ෂණික විශේෂඥතාව සහ අත්දැකීම් බෙදා ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.
2025 දෙසැම්බර් මස 04
233
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගමැතිනි -ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් හමුවක්