
(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.
අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ වහගල ඔය පිටාර ගැලිම නිසා අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටව තිබූ අතර හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශද ජලයෙන් යටව තිබිණ. නගරය ජලයෙන් යට වීම හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට වැඩි කාලයක සිට ඇන හිට තිබිණ.
අකුරණ නගරයේ ප්‍රධාන ඔය සහ වහගල ඔය පිටාර ගැලීම නිසා වසරකට කිහිප වරක් අකුරණ නගරයට ගංවතුර ඇති වීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ. මෙවර මහ මැතිරවණ වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක් බවට ද පත්ව තිබේ.
COMMENTS
අකුරණ නගරය මැදින් ගලා බස්නා ඔය හරස්කර අනවසර ඉදිකිරීම් මෙම ගංවතුරට හේතුවයි...
තමන්ගේ හිතවතුන්ට හිතුමතේ පාර අයිනේ කඩ දාගන්න අවසර දෙනවා. ගෙවල් හදනවා, කාර් සේල් දානවා. ප්‍රාදේශීය සභාවේ සභාපති ලේකම් ඔක්කෝම මේවාට දෙනවා. කොහෙන් හරි පැමිණිල්ලක් ආවම හකීම්ට, හලීම්ට කියනවා. පස්සේ අවසර ගන්නවා. ඕක තමා වෙන්නේ... ඕවා කතා කළාම අපි ජාතිවාදියෝ වෙනවා. ඒක නිසා කට වහගෙන ඉන්න තරමට හොදයි..මොකද එයආලගේම වැඩ නිසා එයාලම තමා යට වෙන්නේ... පස්සේ වන්දිත් ඉල්ලනවා..
අරාබියේ ගංගා ඇල දොල්වල් නැහැලුනේ. ඒ හින්දා අරාබියේ විදියට මෙහෙ ජීවත් වෙන්න හදන අය අලවලා වැඩක් නෑ... අපට කියලා ඒවා උඩ බිල්ඩින් හදලා. දැන්වත් තේරෙනවා ද දන්නෑ එහෙ ඒවා මෙහෙට හරියන්නේ නෑ කියලා...!