(ඉන්දිකා රාමනායක)
යාපනය කන්කසන්තුරය මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් කෝටි 6කට අධික වටිනා කේරළ ගංජා සහ වියලි කහ සමඟ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කෙරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක් සහ, වියලි කහ කිලෝ 19 ක් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව පවසයි.
කන්කසන්තුරේ මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව මෙරට මුහුදු කලාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන බවත් ඊයේ (25) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමේ දී මෙහෙයුමේදීල ගොඩබිම දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නවතා පරීක්ෂා කිරීමේ එහි තිබී මෙම භාණ්ඩ සොයාගෙන තිබිණි.
ඩිංගි යාත්‍රාව තුල ගෝනි උර හයක පාර්සල් වශයෙන් අසුරන ලද කේරල වියළි කහ තොගය සමඟින් එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී. මේවා අන්තර් ජාතික මුහුදු සීමාවේදී සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවට ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සහ කරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 34ත් අතර වයසේ පසුවන කන්කසන්තුරය වළලායි ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගත් අතර, එම සැකකරුවන් කේරළ ගංජා, වියළි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කන්කසන්තුරේ මුහුදෙන් කෝටි 6ක ගංජා-වියලි කහ අල්ලයි