IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


මී ඔය රක්ෂිතය ගිනි තබා වනසලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මී ඔය රක්ෂීතය තුළ තිබු දැවැන්ත ශාඛ කපා ගිනි තබා විනාශ කර ඇති බව ප්‍රදේශවාසිහු චෝදනා කරති.

ආණමඩුව නවගත්තේගම මාර්ගයේ මී ඔය පාලම අසල ඇති මෙම රක්ෂීතය හිටපු සභාපතිවරයා විසින් පිරිසක් යොදවා යාන්ත්‍රික කියත් යොදා ගනිමින් කපා ගිනි තබා විනාශ කර ඇති බව ජනතාව චෝදනා කරති .

කෙසේ නමුත් මෙම රක්ෂීත සිමාවේ ගස් කිපයක් කපා දැමිම සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මිට මාසයකට පෙර මෙම හිටපු සභාපතිවරයාට නඩුවක් පවරා එම හානියට දඩ මුදලක් පවා ගෙවිමට සිදුව තිබු පසුබිමක මෙම ස්ථානයේ නැවතත් මෙසේ විනාශ කිරීම බරපතල තත්වයක් බවට ජනතාව චෝදනා කරති.

මෙම රක්ෂීතය විනාශ කිරිමත් සමග වෙලේවැව ඇතුළු ගම්මාන රැසකට ජලය සැපයෙන ප්‍රජා මූල සංවිධාන ජලයේ ජල ටැංකියද මේ ස්ථානයේ තිබෙන අතර එයට යම් බලපෑමක් එල්ල විය හැකි බව ජනතාව චෝදනා කරති.

කෙසේ නමුත් සභාපතිවරයා මෙම රක්ෂීතව වැනසිමට පෙර පොල් ගෙඩියක් අයියනායක දෙවියන්ට උඩ තබමින් මෙම විනාශය සිදු කිරීම ද පුදුමය දනවති.

මේ සම්බන්ධන නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතාගෙන් කල විමසිමේදි සිටියේ මෙවැන්නකී.

“ මේ ස්ථානයේ අදාල අයට බලපත්‍රයක් ලබා දි තිබේනවා .නමුත් අපිට හැගෙන ආකාරයට එම සිමාවෙන් එහා ගිහින් තමා අදාල හානිය කර තිබේන්නේ .

මේ පිළිබදව පරික්ෂණයක් ආරම්භ වි තිබේනවා .ඒ පරික්ෂණය අවසන් වන තුරු කිසිදු කටයුත්තක් මෙම බලපත්‍ර ලාභියාට කිරීම සම්පුර්ණයෙන් නවතා දැමිමට කටයුතු කලා .

පිළිබදව චෝදනා එල්ලවන නවගත්තේගම හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.ආර්.එච්.එම්.තිලකරත්න මහතාගෙන් මෙසේ කීය.

“ මේ ස්ථානයේ මට රෑඩ් තුනකට බලපත්‍ර තිබේනවා ඒ නිසායි මම මේ ස්ථානය එළි පෙහෙලි කළේ .මී ඔය රක්ෂීතයට මම හානි කරලා නැහැ. කැලෑව ගිනි අරන් තිබේන්නේ මගේ ඉඩමට ගිනි තබද්දි ගනි පුපුරු ගිහින් .දැනට මෙහි වැඩ ප්‍රාදේශීය ලේකම් තුමා නවතා දමා තිබේනවා . පරික්ෂණයක් යන නිසා යැයි ඔහු පැවසිය.

 

 



අදහස් (14)

මී ඔය රක්ෂිතය ගිනි තබා වනසලා

sithija Wednesday, 15 September 2021 08:33 AM

පව් ඉතින්..සර් උන්නා නම් මෙහෙම වෙන්නෙ නෑනේ.. එක රටක්... එක නීතියක් ...

:       38       23

sisilWednesday, 15 September 2021 04:35 PM

ලංකාව පුරාම ඉන්න ‘‘ප්‍රදේශවාසීහු‘‘ පැමිණිලි කරන්නෙත්, පොලිසියට යන්නෙත් සියල්ල සිදුවුණාට පසුවය. ප්‍රදේශවාසීහු මෙවැනි පරිසර විනාශයන් දැනගත් වහාම බලධාරීන් දැනුවත් කළ යුතු නොවේද? අනේ, මෙහෙමත් ප්‍රදේශවාසීහු...?

:       3       25

siripalaThursday, 16 September 2021 04:00 AM

මහා පරිමාණ පරිසර හානි සිදුවෙමින් තිබියදී අසල්වාසීන්, ප්‍රදේශ වාසීන් සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා නිදා සිටි.

:       3       6

Akila Wednesday, 15 September 2021 08:48 AM

මගේ ඉඩම කියල කියන්නේ , කොහොමද ඔය සභාපතිය ඔය ඉඩම අරන් තියෙන්නේ ?

:       0       20

gamage Wednesday, 15 September 2021 10:14 AM

සෞභාග්‍යමත් රටක් !

:       22       18

Raveendra Wednesday, 15 September 2021 10:41 AM

ස්වභාවධර්මයා විසින් මේ "තිරිසන් බූරුවාගේ" සියළු දෑ ගිනි රකුසාට පුජාකරනු ඇත.තවද මේ "බුරුවාට" ජාති ජාතිත් මේ සදහා වන්දිගෙවීමට සිදුවනු ඇත. මෙම අදහස් එම "නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බූරුවාට" කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා.......

:       1       28

kamal Wednesday, 15 September 2021 10:50 AM

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පත් කරලා යැව්වොත් එයාට කොළඹට යන්න වෙනවා . එතකොට මේ කාලේ තවත් විනාශ කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ . මේ ආරාධනාව 69 ලක්ෂයටයි . ඔන්න නැවත ජාතිමාමකවැඩක් කරන්න අවස්ථාවක්

:       3       24

HurullaWednesday, 15 September 2021 02:00 PM

ඒ කියන්නේ වැරදි කරපු නිලධාරීන්ට ස්ථාන මාරු දෙනවා වගේ ?

:       0       9

පැරකුම් Wednesday, 15 September 2021 11:44 AM

රවීන්ද්‍ර මේ වැනි කාලකන්නි පාපතරයෙකුට බූරුවා වැනි අහිංසක සතෙක් සම කරන්නෙ ඇයි? ඒ සතාට අපහාස කරන්න එපා.

:       0       15

Chaminda Hewavitharana Wednesday, 15 September 2021 12:21 PM

මෙම මී ඔය රක්ෂිතයට සිදු වූ විශාල විනාශයට වගකිව යුතු මෙවැනි මෝඩ, ආත්මාර්ථකාමී හා වගකීම් විරහිත දේශපාලන නායකයින් සිටීම අප සැබවින්ම කනස්සල්ලට පත් විය යුතු කරුණකි.

:       0       13

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 September 2021 01:16 PM

බලපත්‍ර දෙන්නේ රජයේ ඉඩම් වලටයි. එසේනම්, මේ ඉඩම රජයේයි. ඒ කියන්නේ, මේ බලපත්‍රය දීලා තියෙන්නේ, රක්ෂිත ඉඩමෙන්. වරද තියෙන්නේ, බලපත්‍රයේ. හෙමි හෙමීට රක්ෂිතය කපා ගිනිතබා ඉඩම ලොකුකර ගන්නවා. සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. ඒ නිසා වහාම බලපත්‍රය අහෝසිකොට ඉඩම රක්ෂිතයට යාකළ යුතුයි. පරිසරයට ආදරය කරන මිතුරනි, මේ බව ඔබ සැමගේ අවධානය පිණිසයි.

:       0       20

Raveendra Wednesday, 15 September 2021 01:35 PM

පැරකුම් මයා වෙත, එම අහිංසක සතාට අවනම්බු කිරීම පිලිබදව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර සියලුම පාඨකයන්ගෙන් ඒ පිලිබදව නැවතත් සමාව අයදිමි.....

:       1       17

dayarathan Wednesday, 15 September 2021 05:42 PM

වනාන්තරයත් විනාශ කරනවා

:       0       0

nilu Thursday, 16 September 2021 08:52 AM

තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න සඳහා සොබාදහම හෝ එහි වාසය කරන අසරණ සත්ත්වයින් පලි නැත. ඔවුන්ගේ නිවහන සොබාදහමයි. ඔවුන්ගේ කුරුළු කූඩු සහ පැටවුන්, බිත්තර ආදිය විනාශ කර දමා මෙවන් අපරාධ කරන්නවුන් හට සොබාදහමෙන්ම දඬුවම් ලැබේවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණ භූමියෙන් අතුරුදන් වැලි ලොරිය ගැන විමර්ශනයක්
2024 මැයි මස 09 114 0

ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගබඩා කර තිබු වැලි තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩ


චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’
2024 මැයි මස 09 190 0

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.


පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 850 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 210 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 129 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 1034 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 554 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1786 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site