IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලියට නිර්මාණ බාරගැනීම ඇරඹේ

(නිමල කොඩිතුවක්කු)

 

රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය 2020 සඳහා ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අයැදුම්පත් බාර ගැනීම  ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ඒ අනුව  අයැදුම්පත් ඔක්තෝබර් 30 වැනිදා දක්වා බාර ගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


නිර්මාණ සඳහා වයස් සීමාවක් බලනොපාන අතර උපරිමය විනාඩි 15 කට සහ අවම කාලය විනාඩි පහකට 5කට සීමා වන ලෙස නිර්මාණ යොමු කළ යුතු වේ.


හොදම කෙටි චිත්‍රපට තුනක් සඳහාත් හොඳම තිර පිටපත, හොඳම නළුවා සහ නිළිය හොඳම කැමරාකරණය හා හොඳම සංස්කරණය සඳහා මුදලින් ත්‍යාග හා සම්මාන පිරිනැමෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සම්මාන උළෙල ලබන දෙසැම්බර් 10 වනදා සිදුකිරීමට නියමිතය.


ඒ පිළිබඳ වැඩි විස්තර www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හෝ දුරකථන අංක 0112 872035, 0112 872036 යන දුරකථන අංකවලින්  ලබා ගත හැකි බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සිනමා උපදේශක සභාව එක්ව රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය සංවිධානය කරනු ලබයි.

 



අදහස් (0)

රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලියට නිර්මාණ බාරගැනීම ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site