IMG-LOGO

ශ්‍රී ලංකා ආර්ථිකයේ සංහිඳියාව

ණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නැවත යථාතත්වයට පත්වීමේ මග හෙළිකර ගැනීම සඳහා රටේ ඉහළම ප්‍රතිපත්ති සම්පාදනය කරන ප්‍රමුඛයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුඛ්‍ය  කළමනාකරුවන් හා පෞද්ගලික අංශයේ ප්‍රමුඛයන්ගෙන් තෝරාගත් පිරිසකගේ සහභාගිත්වයෙන් නොබෝදා කොළඹදී සමුළුවක් පැවැත්විණි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක, ආර්ථික තත්වය වර්ධනය කිරීම පිණිස දැනට කරගෙන යන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, වර්තමාන මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකා ඉතිහාසයේ එම වැඩසටහන්වලින් අවසන් වැඩසටහන බවට පත් කර ගැනීමට තමා තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කරන අතරතුර කල්පවත්නා ස්ථාවර භාවය ඇතිකර ගැනීමටත් සිය රජයේ කැපවීම අවධාරණයට ලක් කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිචාරය දක්වමින් එහි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් ප්‍රතිව්‍යුහගත කිරීම් උදෙසා රටේ කැපවීම අගය කළ බව පැවැසේ. ඒ අතරම ප්‍රතිපත්තිමය දෝෂ වෙත ආපසු හැරී යාම සිදුවිය හැකි වීම සම්බන්ධයෙන් ඇය අනතුරු ඇඟවීම ද කළාය. සාර්ථකව කළමනාකරණය කර ගැනීමට අසමත් වීම නිසා යම් රටක් ඇදවැටිය හැකි එම ව්‍යාධිමය තත්වය හෙවත් උගුල ප්‍රතිපත්ති විඩාව යනුවෙන් හැඳින්වේ.

එය කාලීන වශයෙන් ඉතා වැදගත් සමුළුවක් වනුයේ එය රටේ ප්‍රතිලාභ ඇගයුම් කිරීමට ප්‍රතිපත්තිමය දෝෂයන් හඳුනා ගැනීමට හා යථා තත්වයට පත් කිරීමේ වැඩ සටහන නිසි මාර්ගයේ රඳවා තැබීමට උපකාරී වූ නිසාය. තිරසාර ආර්ථික වර්ධනය සහ ස්ථාවර භාවය සහතික කර ගැනීම උදෙසා ප්‍රතිලාභ ශක්තිමත් කර ගැනීමට රට ඊළඟ පියවර තැබීම හමුවේ පවතින ගැටලු සාකච්ඡා කිරීමට සහ පාර්ශ්ව තුන එකිනෙකා හමුවීමට විවෘත වේදිකාවක්ද එයින් සම්පාදනය කෙරිණි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ පාලනයකින් තොරවූ අහිතකර ගෝලීය කම්පන පවතින පසුබිමක එහිදී පළවූ අපේක්ෂා ඉටුකර ගැනීම ඉතා අසීරු වනු ඇත.

 

බාහිර කම්පන

යථාතත්වයට පත්වීමේ වැඩසටහන පීලි නොපැන නිසි මාර්ගයේ තබා ගැනීමට ශ්‍රී ලංකාව කඩිනමින් විසඳුම් සොයාගත යුතු බාහිර කම්පන දෙකක් මම අවධාරණය කරනු කැමැත්තෙමි. එකක් නම් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය වූ ඇමරිකා එක්සත් ජනපදය ඒකපාර්ශ්විකව පැනවූ තීරුබදු ඉහළ නැංවීමයි. අනෙක නම් ඇමෙරිකා එක්සත් ජනපදය ඈඳාගනිමින් ඊශ්‍රායලය හා ඉරානය අතර ඇතිවූ යුද ගැටුමයි. ඇමෙරිකා එක්සත් ජනපදය එම යුද ගැටුමේ ක්‍රියාකාරී පාර්ශ්වයක් විය. ශ්‍රී ලංකාව දෙපාර්ශ්වයටම අයත් නොවුවත් මෙම කම්පනයන් රට යථාතත්වයට පත්වීමේදී සෑහෙන දුරදිග යන බලපෑම් ඇති කිරීමට සමත්වේ.

 

තීරු බදු ගැටලුවේ ප්‍රභාවය

ඇමෙරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනය කරන සියලු අපනයනකරුවන් උදෙසා එ.ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  පැනවූ දැඩි තීරුබදු අනුපාත ප්‍රධාන වශයෙන් ඇඟලුම් හා රබර් නිෂ්පාදන වැනි අංග අපනයනය කරන දුප්පත් රටවලට ඍජුවම අහිතකර ලෙස බලපෑවේය. එම රටවල ලැයිස්තුව ඉතා දීර්ඝ වුවත් ඊට ප්‍රධාන වශයෙන්ම  ගොදුරු වූයේ බංගලාදේශය, ශ්‍රී ලංකාව, මියන්මාරය, වියට්නාමය හා කාම්බෝජය වැනි ආසියාතික රටවල්ය. ට්‍රම්ප් ඉතා ඉහළ අනුපූරක බදු අනුපාත මෙම රටවලට නියම කොට ඇත්තේ ඒවා ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළඳ අතිරික්කයක් පවත්වාගෙන යන බැවිනි.

පනවන ලද එම තීරුබදු ක්‍රියාත්මක කිරීම දින 90කට අත්හිටුවා තිබුණත් මෙතෙක් ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් පැන නැගි අස්ථාවර භාවය මෙතෙක් ඉවත්වී නොමැත. ඇඟලුම් ගැණුම්කරුවෝ පළමුවෙන්ම මෙම ඉහළ තීරුබදු පිරිවැය දරා ගන්නා ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. එම තීරුබදු අනුපාතයන් අපනයනකරුවන් හට දරාගත හැකි මට්ටමට වඩා ඉහළ නිසා එම ඉල්ලීම පිළිගැනීමට අපනයනකරුවන්ට නොහැකි විය. එවර ඇනවුම් අවලංගු කර දැමීම හෝ අළුතෙන් ඇණවුම් කිරීම්, ගැනුම්කරුවන් විසින් තත්ත්වය පැහැදිලි වනතුරු කල් තබනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කළ ඇඟලුම් හා රබර් නිෂ්පාදන යන දෙවර්ගයම මෙම ගැනුම් අත්හිටුවීම නිසා මහා පරිමානයෙන් නවතා දමන්නට සිදුවිය. හිටි හැටියේ පැනවූ තීරුබදු සංශෝධනවලින් ට්‍රම්ප් ගෝලීය වෙෙළඳපොළවල අස්ථාවරභාවයක් නිර්මාණය කොට ඇති අතර එම නිසා වෙ​ෙළඳපොළට සහභාගී වන අය මී ළඟට කුමක් සිදුවේදෝයි කල්පනා කරමින් පසුවෙති. හඬක් හිමි නැති දුප්පත් රවටල් නිහඬව පීඩා විඳිමින් පසුවන අතර ඇ.එ.ජ වෙත නිර්යාත සිදු කරන චීනය, කැනඩාව හා යුරෝපා සංගමය වැනි විශාල අපනයනකරුවෝ එකටෙක කිරීමක් ලෙස ඒ හා සමානව දැරිය නොහැකි තීරුබදු පනවමින් ට්‍රම්ප්ගේ තීරුබදු හා සටන් කරන මාර්ගය තෝරා ගෙන ඇත. මෙම තත්ත්වය නිමා නොවන තීරුබදු යුද්ධයකට මගපාදා තිබේ.

 

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය තුළ වූ ගැටලු

ට්‍රම්ප්ගේ තීරුබදු සංශෝධන සැලැස්මට අදාළ ගැටලු දෙකක් මට තිබේ. ඉන් එකක් අදාළ වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග පවතින වෙ​ෙළඳ  ගිවිසුමේ ඔහුගේ වැරදි අර්ථකථනයටයි. ඇමරිකාවේ බොහෝ වෙළෙඳ හවුල්කරුවන් සමග එකී වෙ​ෙළඳ හිඟය පවතී. අනෙක ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙ​ෙළඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් ඇමරිකානු රටවැසියාගෙන් කොල්ලකන්නේ යයි කියනු ලබන ප්‍රමාණයේ තීව්‍රතාව ගණනය කිරීමට ඔහු භාවිත කර ඇති සූත්‍රයේ දෝෂසහගත බව සහ එහි අදාළ නොවන ස්වභාවයයි.

 

වෙ​ළෙඳ හිඟය වැරදිසහගත ලෙස කියවා ගැනීම

බොහෝ රටවල් ඇමෙරිකා එක්සත් ජනපදය සමග පවත්වාගෙන යනු ලබන ඉහළ වෙ​ෙළඳ  හිඟය එම රටවල් විසින් ඇ​ෙමරිකානු පුරවැසියන්ගෙන් කොල්ලකනු ලබන සීමාව නිර්ණය කර දක්වන්නක් යයි ට්‍රම්ප් පවසා තිබේ. ලෝකයේ නිල නොවන මධ්‍යම බැංකුකරුවා බවට 1971 පටන් පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් යනුවෙන් හඳුන්වන වටිනාකම රහිත කඩදාසි කැබැල්ලකට සෙසු ලෝකයේ සැබෑ භාණ්ඩ හුවමාරු කර ගනිමින් අධිපත්‍ය පවත්වා ගැනීමට සමත්ව තිබේ. එම ඩොලරය ඇ​ෙමරිකානු එක්සත් ජනපදය වෙත ඩොලරය දරන්නා විසින් ආපසු යොමුකළ හොත් එම ඩොලරයේ වටිනාකම ඇති ප්‍රමාණයට භාණ්ඩ හා සේවා ලබාදීමට එයින් ඇ​ෙමරිකාව, එම ඩොලරය දරන්නාට පොරොන්දු වෙයි. එය සංචිත මුදලක් හෝ  හුවමාරු මුදලක් ලෙස ලෝකය පුරා සංසරණය වුවහොත්, එම ඩොලරය දරන්නාට ඊට සරිලන සැබෑ භාණ්ඩ හා සේවා සෙසු ලෝකයෙන් ඉල්ලා සිටීමට අයිතියක් තිබේ.

 

ඩොලරයේ අගය පහත වැටීම.

එහෙත්  ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශීය  උද්ධමනය හේතු කර ගෙන ඩොලරයේ දේශීය අගය පහත වැටී ඇත්නම් ඉහත කී පොරොන්දු  දෙකම එක් අතෙකින් බිඳවැටෙන අතර ඩොලරය නිකුත් කළ තැනැත්තා නොහොත් එක්සත් ජනපද ආණ්ඩුව ගැන පවතින විශ්වාසය කඩවීම නිසා ඩොලරයේ ජාත්‍යන්තර වටිනාකමද අනෙක් අතට පහත වැටේ. 1982-84 කාලයේ 100 පැවැති ඇමෙරිකා එක්සත් ජනපද පාරිභෝගික මිල දර්ශකය 2025 මැයි වනවිට 321 දක්වා ඉහළ නැග තිබේ. 

එහි අරුත 1982 දී තිබූ ඩොලරයක වටිනාකම දැන් එක්සත් ජනපද ශත 31 පමණක් බවයි. ඩොලරයේ ජාත්‍යන්තර වටිනාකම මැණිය යුත්තේ රත්‍රන් වල මිල ඇසුරෙනි. ඊට හේතුව ඩොලරයේ වටිනාකම සාපේක්ෂව හොඳම වත්කම රත්‍රන් වීමයි. 1982 දී ලෝක වෙළෙඳපොළේ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 376ක් විය. එම රත්‍රන් ප්‍රමාණයම මිල දැන් තිවුණු ලෙස 2025 මැයි මාසයේදී ඩොලර් 3324 දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව අන්තර්ජාතික වෙ​ෙළඳ පොළේ 1982 දී තිබූ ඩොලරයේ වටිනාකම එක්සත් ජනපද ශත .11දක්වා පහත වැටී තිබේ.

එම නිසා 1982දී ඩොලරයෙන් අත්පත් කරගත් විදේශිකයෙකු ඩොලරයේ සැබෑ භාණ්ඩ හා සේවා අගය කැප කරමින් අද නොවටිනා කඩදාසි කැබැල්ලක් අත දරා සිටී. එම නිසා අනෙක් රටවල් සමග වෙළෙඳ අතිරික්තයක් තබා ගනිමින් එම රටවල, වැසියන් වෙතින් අසාධාරණ   වාසියක් අත්පත් කරගෙන සිටින්නේ ඇමරිකානු එක්සත් ජනපද වැසියන්ය. එම නිසා ඇමරිකා එක්සත් ජනපදය කළ යුත්තේ එම ඩොලර් හිමිකරවන්ට වන්දියක් ගෙවීම විනා ඔවුන්ට දඬුවම් දීම නොවේ. 

 

අදාල නොවන සූත්‍රයක් භාවිත කිරීම

ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් විසින් කොල්ලකනු ලබන ප්‍රමාණය කෙතරම් දුරකට කරන්නේද යන්න ගණනය කිරීමට ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති  උපදේශකයන් භාවිත කළ සූත්‍රය අංක 1 රූප සටහනේ දැක්වේ. එය එකී අරමුණ අදාල නොවන සූත්‍රයකි. එයින් සරළව කියනු ලබන්නේ කොල්ල කනු ලබන ප්‍රමාණයේ ප්‍රතිශතය එම රටවල් සමග ඇමෙරිකා එක්සත් ජනපදය පවත්වාගෙන යන වෙළෙඳ හිඟයට සමාන වන්නේ  ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවලින් කරන ආනයන ප්‍රමාණයට සමානුපාතිකව යනුවෙනි. එහිදී ඇමෙරිකානු වෙළඳපොළ මිල ගැලපුමෙන් ඇමරිකානු ඉල්ලුමේ ආනයනය නම්‍යතාව 1ට සමාන  යැයි උපකල්පනය කෙරේ. මෙම ප්‍රතිපලය කරා එළැඹීමට ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයින් සාමාන්‍ය ආනයන නම්‍යතාව 4 ලෙසත් මිල ගැලපුම් සාධකය 0.25 ලෙසත් භාවිත කර තිබේ. මෙම අංක දෙක නුහුරු ආගන්තුක අංක දෙකක් වන්නේ, එම අංකම, ඇඟලුම්, චිප්ස් හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  සඳහාත්  ගුවන් යානා හෝ යුදමය නිෂ්පාදන උදෙසා වූ සංරචකයන් වැනි අභිමතානුකූල භාණ්ඩ සඳහාත් එක ලෙසම භාවිත කර තිබෙන බැවිනි.

මෙම සූත්‍රය ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ හිඟයක් පවත්වාගෙන යන රටවල් උදෙසා යෙදූ විට එය ස්වාභාවිකවම අසාර්ථක වන්නේය. වෙළෙඳ හිඟය ඍන දහයක් නිසා  එය ඍන ආනයන නම්‍යාතාවකින් බෙදූ විට, ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙෙළඳ  අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ලැබෙන්නේ  ධන  අගයක් සහිත ප්‍රතිපලයකි. ට්‍රම්ප් පාලනයෙන් දඬුවම් දී ඇත්තේ එම රටවලටය. කෙසේ වුවද,  ඇමෙරිකා එක්සත් ජනපදයට වෙ​ෙළඳ අතිරික්තයක්  ඇති එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව හෝ නෙදර්ලන්තය වැනි රටවලට එම සූත්‍රය යොදාගත් විට ලැබෙන ප්‍රතිපලය ඍන අගයකි. එයින් අදහස් වන්නේ ඇමරිකාව, ඔවුන් වෙතින් ඉවත ගත් ප්‍රමාණයට එම රටවලට  වන්දි ගෙවිය යුතු බවකි.

 

සම කතුවරයකු වෙතින් එම සූත්‍රය සම්බන්ධ මතබේදයක්.

ට්‍රම්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් භාවිත කර ඇති සූත්‍රය සම්බන්ධයෙන් එහි සම කර්තෘ, චිකාගෝ විශ්වවිද්‍යාලයේ, Booth School of Businessහි, මහාචාර්ය බ්‍රෙන්ට් නෙයිමාන් විසින් සී.එන්.එන්. හි එරින් බර්නෙට් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මතභේදයක් ඉදිරිපත් කර ඇත. නෙයිමන් කියා සිටින්නේ ප්‍රතිපත්ති උපදේශකයන් එම සූත්‍රයේ සන්දර්භය වෙතින් එහි අරමුණ සහ තේරුම ඉවත ගෙන ඇති බවයි. එම සූත්‍රයේ අරමුණ වන්නේ රටවල් දෙකක් අතර තීරුබදු අනුපාතවල සියයට 3ක සියයට 4ක වෙනසක් පවතින විට එම වෙළෙඳ පරතරය තුලිත කිරීමට, නියමිත තීරුබදු අනුපාතය යම් රටක් ගණනය කරන්නේ  කෙසේද යන්න තීරණය කිරීමයි. එම සූත්‍රය තිබෙන්නේ රටවලට මහා පරිමාණයේ තීරණ ගැනීමට නොවේ. බර්නෙට් ඇසූ ප්‍රශ්නයකට, උදාහරණයක් දෙමින් ඔහු සහතික කොට කියා සිටියේ, එම  සූත්‍රය ඇමරිකා එ.ජනපදයට බොහෝ ඇඟලුම් අපනයනය කරන මුත් එරටින් ප්‍රමාණවත් ටර්බයින මිලදී නොගන්නා ශ්‍රී ලංකාව වැනි රටවලට භාවිත කිරීම සුදුසු නොවන බවයි.

ඔහු පවසන අයුරු එම සූත්‍රය එසේ යොදාගැනීම සම්පූර්ණයෙන් වැරදිසහගත වන්නේ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන්  කරන ආනයන උදෙසා කිසිම තීරුබද්දක් අය නොකළේ නම් වෙළෙඳ පරතරය ඉවත් කළ නොහැකි නිසාය.

ට්‍රම්පේ ප්‍රතිපත්ති උපදේශකයන් භාවිත කළ ආකාරයට සැබෑ මිල ගැළපුම් සාධකය 0.25 ලෙස භාවිත කළ යුතු නොවන බවද හෙතෙම සහතික කර කීවේය. ඔහු කියන ආකාරයට එම මිල ගැලපුම් සාධකය 0.95 විය යුතුය. එම සාධකය යොදාගත් පසු ඒ ඒ රටවලින් එන එක්සත් ජනපද ආනයන වැඩි කළ යුත්තේ 3.8 මිස ට්‍රම්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් කළ ආකාරයට 1න් නොවේ. එම තත්වය තුළ වෙළෙඳ අතිරික්තයක් ඇති රටවලට. ට්‍රම්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් නියම කළ අනුපූරක තීරු බද්ද ඔවුන් මතම ඇද වැටේ. එයට ශ්‍රී ලංකාව ඇමෙරිකානුවන්ගෙන් කොල්ල කන්නේය. කියන ප්‍රමාණය සියයට 88 සිට සියට 23 දක්වා පහත වැටේ. එවිට ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා ඇති එයින් භාගය 44 නොව 12 වන්නේය.

 

මැද පෙරදිග අර්බුදය.

මැද පෙරදිග නොබෝදා හටගත් යුද ගැටුම් පැන නැගුණේ  ඊශ්‍රායලය, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙනි. ඊශ්‍රායලය කියා සිටියේ ඉරානයේ අභිප්‍රාය න්‍යෂ්ටික ආයුද හිමි  රටක් බවට පත්වීම බැවින් එය තම රටේ පැවැත්මට තර්ජනයක් වන බවය. එම නිසා අංකුර අවස්ථාවේදීම එය නවතා දැමිය යුතු බව ඊශ්‍රායලය කීවේය.      

මෙම ප්‍රහාරවලට එළිපිටත්, රහසේත් ඇ.එ. ජනපදයෙන් සහයෝගය දෙනු ලැබීය. ඇ.එ. ජනපදය ඉරානයේ ප්‍රධාන යුරේනියම් සැකසුම් ස්ථාන තුනට බෝම්බ හෙළා ඉරානයේ න්‍යෂ්ඨික යුද අවි නිපදවීමේ හැකියාව ශුන්‍ය කර දමන්නට තීරණය කළ අවස්ථාවේ මෙය ආපසු හැරවිය නොහැකි තැනක් වෙත කූඨාප්‍රාප්තියට පත්වූයේය. එයට එකටෙක කිරීමක් ලෙස ගල්ෆ් කලාපයේ ඇමරිකානු ගුවන් යුද කඳවුරුවලට ඉරාණයෙන් ප්‍රහාර එල්ල කෙරිණි. ජනාධිපති ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ එකඟතාව ඇතිව සටන් විරාමයක් නිවේදනය කරනු ලැබුවද බොහෝ විචාරකයින් කියා සිටිනුයේ එය කඩදාසියට පමණක් සීමා වන බවත් තවම සටන් පවතින බවත්ය

ඊශ්‍රායලය සහ ඉරානය යන දෙරටම සටන් විරාමය හා  මුළුමනින් එකඟ වීම මන්දගාමීව සිදුකළ තත්වය තුළ, ජනාධිපති ට්‍රම්ප් හට අප්‍රසාදය විවෘතව පළ කිරීමට එයින් බල කෙරිණි. සටන් විරාමය සාර්ථක වනුයේ සටන්වලට බලපෑ මූලික හේතුව ඉවත් වුවහොත් පමණි. ඉරානයේ මනාපය තවදුරටත් යුරේනියම්වලින් පෝෂණය වීම වන අතර ඊශ්‍රායලයේ සතුරුකම් තවදුරටත් ඔවුන්ට එරෙහිව වර්ධනය වෙමින් පවතී. එම නිසා යුද ගැටුම් නැවත ඇවිලීයාම ඕනෑම අවස්ථාවක සිදුවී මැද පෙරදිග වඩාත් දිග්ගැස්සෙන යුද ගැටුම්වලට ඇදී යා හැකිය. මෙම හැකියාව තක්සේරු කළ යුතු වන්නේ, යම් රටක් එහි ගෝලීය අවදානම ඉදිරියේ නැවත එවැනි තත්සේරු කරණයන් කළ යුතු බැවිනි.

 

ශ්‍රී ලංකාව වෙත පවතින අවදානම

ඇමෙරිකා ජනපදයේ මැදිහත් වීමත් සමග යුද ගැටුම් දිගින් දිගට ඇදී ගියහොත් විශේෂයෙන් ගෝලීය වශයෙන් දකුණේ පිහිටි ශ්‍රී ලංකාව වැනි රටවල් ගෝලීය ආර්ථික බලපෑමට යට වී නේකවිධ ආර්ථික අසීරුතාවලට මුහුණ පානු ඇත. එය මැද පෙරදිගට හා ඇ.එ. ජනපදය වෙත කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයනයන්ටත් නැවත වර්ධනය වන එහි සංචාරක ව්‍යාපාරයටත් අහිතකර ලෙස බලපාන අතර වැඩිවන තෙල් හා ගෑස් මිල හරහා සහ ගලා එන ප්‍රේෂණ ප්‍රවාහයන් අඩුවීම හේතුකොට ගෙන සමස්ත ගෙවුම් ශේෂයට අහිතකර ලෙස බලපානු නියතය. එම නිසා මැද පෙරදිග යුද්ධයේ ශ්‍රී ලංකාව පාර්ශවයක් නොවුවත් එය එහි ගොදුරක් බවට පත්වීමේ ඉඩ ප්‍රස්ථා බෙහෙවින් ඉහළය.

මෙම ගෝලීය කම්පන දෙවර්ගය නොබෝදා කොළඹ පැවති සමුළුවේ සාකච්ඡාවට විෂය වූයේ නැත. මන්දයත් එම සමුළුවේ අවධානය යොමු වූයේ ණය සහ පාලනය වෙත බැවිනි. එසේ වුවද ඉහත කී බලපෑම් නිසැක ලෙස ශ්‍රී ලංකාව යථාතත්වය කරා වූ ස්ථිරසාර ආර්ථික වර්ධනයක් කරාත් කල් පවත්නා ස්ථාවර භාවයක් කරාත් යන ගමන පිලි ගැන්නීමට හේතුවණු ඇත. යථාතත්වය කරා ආරක්ෂාකාරී මාර්ගයක් ගොඩ නැගීමට සිතා සිටිනා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට මෙය අනතුරු හඟවන පණිවිඩයකි.

 

වැදගත් අවශ්‍යතා

හිතකර වේවා, අහිතකර වේවා ගෝලීය ආර්ථික කම්පනයත් පැමිණෙන්නේ බලා පොරොත්තු නොවූ විරු ලෙස හා මගහැරිය නොහැකි ලෙසය. රටකට කළ හැකි හොඳම දේ නම් ඒවා වේදනාකාරී නොවන ලෙස අවශෝෂණය කර ගැනීමට සංවර්ධන අවකාශයන් නිර්මාණය කර සමනය කර ගැනීමයි. එම අවකාශය හටගනු ලබන්නේ තහවුරු වූ ආර්ථික වර්ධන විභවතාව ක්ෂය නොවන අපනයන හැකියාව හා වෙ​ෙළඳපොළ රටකට, බදු සහ වියදම්  නිසි පරිදි අඩු වැඩි කර ගැනීමට ඉඩ සලසන නම්‍ය වූ රාජ්‍ය මූල්‍යකරණ ආදියෙනි. මගේ මතය අනුව මෙම අත්‍යවශ්‍ය සාධක ශ්‍රී ලංකාව යළි යථාතත්වයට පත්වීමට යන මාර්ගයේ ප්‍රධාන සංරචකයන් විය යුතුවේ. රටක් මුහුණ පාන ප්‍රධාන අවදානම්සහගත සාධක ඒවා වන අතර ප්‍රතිපත්ති සම්පාදකයන් ඒවා කල්තියා දැක හඳුනාගත යුතුය.

ඍනාත්මක වූ අහිතකර බාහිර කම්පන විසින් විභවතාව සහිත වර්ධනීය මාවතෙන් රටක් පීලිපන්නා ආදායම් අහිමිවීම විරැකියාව වෙත ගෙනයනු ඇත. ආනයන කිරීමේදී  වෙළෙඳපොළ හිගවලට මුහුණ දෙන්නට සිදු වුව හොත් විදේශ සංචිතවලින් අනවශ්‍ය ගාස්තු ගෙවීමට සිදුවනු ඇත. ඒ අතරවාරයේම දැනට  පවතින ආදායම් විශමතාව එයින් තවත් දරුණු අතට හරවමින් ධනවතුන්ට වැඩි වැඩියෙන් ඉපයීමට අවස්ථා සලසමින් දුප්පතුන්ට සම අවස්ථා නොලැබී තව තවත් ඔවුන් දරිද්‍රතාවට ඇද දමනු ඇත. ආදායම් මෙසේ අසමතික ලෙස බෙදී ගොස් ධනවතුන් තවත් ධනවත් වී දුප්පතුන් තවත් ද්‍රරිද්‍රතාවට වැටෙන තත්වය තුළ රටේ අනතුරුදායක සමාජ ආර්ථික හා දේශපාලන වියවුල් හටගනී. එම නිසා අහිතකර බාහිර කම්පනවලින් ආරක්ෂාවන්නට හැකි තරම් කඩිනමින් යම් රටක් පියවර ගත යුතුවේ.

එම හැඩගැසීම් සිදු කර ගන්නට කල් ගත වෙත්ම සමාජ වියවුල්වල බලපෑමද විශාල වනු ඇත. සමාජ හා ආර්ථික මෙහෙයුම් පිරිවැය අවම කරගන්නට මේ නිසා යම් අවකාශයක් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය වේ. කෝවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් ඇති වූ අවස්ථාවේ ඉන් අනතුරුව එන ඍනාත්මක වර්ධනයෙන් රට ගොඩ ගෙන මෙහෙයුම් සිදු කිරීමට බලධාරීන්ට එකී අවශ්‍ය අවකාශය නොතිබිණි. ඉන් අනතුරුව හටගත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ආර්ථිකය අඩපණ කර දමන්නට දැමු මේ සාධකය වූයේ එයයි.

(***)



අදහස් (0)

ශ්‍රී ලංකා ආර්ථිකයේ සංහිඳියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 706 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1117 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site