
(ඉන්දිකා රාමනායක)
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිසුමේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය .
මේ හෙතුවෙන් දැඩි වාහන තදබදයක් ද ඇති විණි.
(ඡායාරූප ගයාන් අමරසේකර)



------------------------------------------------------------------------------------------------------------
සිසු පෙළපාලියට මාර්ග රැසකට ඇතුළු වීම තහනම් කරයි
(ඉන්දිකා රාමනායක)
අන්තර් උසස් ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත පෙළපාලිය කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග රැසකට සහ රාජය ආයතනවලට ඇතුළු වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
එහි කැඳවුම්කරු , සාමාජික සාමාජිකාවන් සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය කර ඇති බව ද හෙතෙම කීය .
චෛත්‍යය පාරේ , එන් එස් ඒ වටරවුමේ සිට ජනාධිපති මාවත, බැංකු මාවත, සෙරමික් වටරවුම ,සෝන්ඩර්ස් මාවත,වහල චැතැම් වීදිය,ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසල හන්දියේ සිට ප්‍රධාන මාවත, ලේඩියන් බැස්ටියන් මාවත, මුදලිගේ මාවත, රෝහල් වීදිය,කැනල් පාර මාර්ගවලට ඇතුළු වීම , ගමන් කිරීම අධිකරණය මගින් වළක්වා කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
තවද එම ප්‍රදේශයේ රජයේ ආයතනවලට ඇතුළු වීම, නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකිරීම, දෙපලවලට හානි කිරීම, ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත නොවී ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙරටුගාමී හා ජෙප්පන් ටිකට උණ ගැනෙන්න දෙන්න පොලිසියට බැරිද අප්පා...?
මේ නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබෙන විශබීජ වැපරීම..!! අද අධිකරණ නියෝග දෙන මහේස්ත්‍රාත්වරුත් කැම්පස් ඉගෙන ගන්න කාලේ ඔය විදියට හැසිරෙන්න ඇති ..! මේ දේවල්වලින් රටම අපකීර්තියට පත්වෙන බව ඒ අයම නොදනීද..?? ඔය නාඩගම්කාරයින්ට නටන්න ඉඩ දුන්නා ඇති..! ඕවා කරන්න කාලය තියෙනවනම් කුඹුරු කොටන්න දාන්න උතුරේ ගොවියොත් එක්ක..! දැනටමත් යුරෝපා රටවලින් දැනුම් දීලා තියෙන්නේ ලංකාව සංචාරයට නුසුදුසුම රටක් කියලා..! මේවා දැක්කහම ඩොලර් ප්ලේන්වලින්ම එයිද..! තව මාස හතකට ලංකාව හාන්සියි කියලා යුරෝපා රටවලින් කියලා තියෙන්නේ..? මෙය මහේස්ත්‍රාත්වරයාට අපහස කිරීමක් නොවේ.. යුරෝපා රටවල ඉන්න අයට නුදුටු රටේ මොන ප්‍රදේශය අදාල නැත..! ඔවුන් මෑතකදි සිට දකින්නේ කලබල රටක වාතාවරනයකි.! දැනටමත් 45,000 අධික සංචාරකයින් පිරිසක් ලංකාවට ඒම වලකා ඇත..!
මොන විකාරද ඔය අතේ රබර් සෙරෙප්පුවක් දාගෙන ඉන්නේ සිසුවෙක්ද? එයා සිසුවෙක් නම් අනිත් අය ගැන කියනුම කවරේද? සිසුවෙක් කොහොම වෙතත් කුලියට ගත් පාතාලයෙක් බව නම් සහතිකයි. දැන් ඕනෑම අරගලයකට දවසේ කුලියට සම්බන්ධ වෙන ජෙප්පන් ඉන්නවා. මහ උන්දෑ පටන් ගත්තේ දවසේ කුලියට කාණු කපලාය...
ජෙප්පෝ රජවුණොත් ලංකාවට අබ සරණයි. මේ අය ඉන්න තැන කාටවත් ඉන්න බැහැ. මොකද ඒ තරමට කුහකයි. මිනිහෙක් හොඳට කාලා, බීලා, ඇඳලා, ගෙවල් දොරවල් හොඳට හදලා, හොඳ වටිනා වාහනයක ගියොත් ඇහේ කටු අනින්නා වගේ.. එයාටත් ගේමක් දෙන්නයි හිතෙන්නේ.
ජෙප්පොයි, අන්තරේ කට්ටියයි ඔක්කොම ඉවර කරලා දාන්න ඕනේ. ප්‍රේමදාස හිටියා නම් කියලත් හිතෙනවා මේවා දැක්කාම...