IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි

(යොහාන් භාසුර)

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කළේය.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර පස්වරුවේ නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතය.

දුම්රිය පළමු ධාවනය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (26)

සීතාවක ඔඩිසි’ ගමන අරඹයි

nimali Sunday, 15 January 2023 10:41 AM

තවත් බොරු වැඩක් . පාදුක්ක කොහිද සංචාරකයෝ යන්නේ . නුවර, අනුරාධපුර , බදුල්ල , ගාල්ල ඇත ඇරලා පාදුක්ක වගට දැම්මේ කාට හරි ලොකු පුටුවක අයට ගෙදර යන්න එන්න.

:       33       80

නිමල්Tuesday, 17 January 2023 07:51 AM

වග සිට සීතාවක උද්හිද උද්‍යානයට කිලෝමීටර් 11යි. ලබුගම කලටුවාව ජලාශ වලට 10යි දියඇලි 3කට ලගයි. බස් එකක් දාන්න අඩු මිලට. කොලඹ ඉස්කෝලෙ ලමයින්ට ඉගෙන ගන්න මේක හොදයි.

:       1       6

Rathnasiri Sunday, 15 January 2023 11:17 AM

මේකත් බන්දු මාමාගේ 2,500න් කන්න දුන්නා වගේ වැඩක්... මෙහෙමත් තමුන්ගේ පුහු දේශපාලනය වෙනුවෙන් ජාතික ධනය විනාශ කරන්නන්...!

:       18       61

Bambarabotuwa Sunday, 15 January 2023 01:04 PM

ඕක විවෘත කරන්නත් ඇමැති කෙනෙක් ඕනෑද? විකාර...

:       17       68

Sas Sunday, 15 January 2023 02:07 PM

මෙය අසාර්ථක වන බොරු වැඩකි....

:       19       60

janahitha Sunday, 15 January 2023 02:11 PM

නොදකින්...!

:       25       55

janahitha Sunday, 15 January 2023 02:37 PM

දුම්රිය පාපුවරුව සහ අංගණය අතර පරතරය ඉතාම අවදානම් ... මෙය අඩුකරන්න කෙනෙක් දෙපාර්තමේන්තුවේම නැතිද? ජනතා ආරක්ෂාව ගැන නිකමටවත් හිතන්න බැරි ජාතියක්...

:       4       107

sachithMonday, 16 January 2023 10:43 AM

ඊට වැඩිය වැදගත් වැඩ තියෙනවනේ. පෙන්නේ නැද්ද මේක, සංචරකයෝන්ට තිබ්බ ලොකුම අඩුවක්නේ.

:       2       7

ගුනවර්දන Sunday, 15 January 2023 05:08 PM

විශාල පාඩුවකින් පසු මාසයක් තුළ අවසන් වන තවත් ලාමක මොන්ටිසෝරි වැඩක්...!

:       11       41

Sunil Sunday, 15 January 2023 06:53 PM

කාර්ය මණ්ඩල හිඟවීම නිසා අත්‍යාවශ්‍ය ගමන් වාර 31ක් අවලංගු කොට අනවශ්‍ය දුම්රියක් වෙනුවෙන් මුදල් කාබාසිනියා කරනවා.

:       7       37

Rohana Sunday, 15 January 2023 07:21 PM

මගීන් නැතිනිසා ළඟදීම නතර කරන්න වෙයි...

:       10       29

arschfikaa Sunday, 15 January 2023 09:45 PM

මෝඩ ඇමතියාගේ තවත් අනවශ්‍ය වැඩක්.

:       2       12

Galkanda Monday, 16 January 2023 09:35 AM

වග වෙත නව මාර්ගය සහ රේල් සුඛෝපභෝගී දුම්රිය අගය කරමු.

:       19       4

pakeer Monday, 16 January 2023 02:06 PM

මේ අය කන්නේ බත්ද කියලා තමයි මට සැක...

:       2       13

Gunasinghe Monday, 16 January 2023 05:48 PM

අනෙක් දුම්රියවලටත් වායුසමීකරණ කළ මැදිරියක් බැගින් විශේෂ ගාස්තුවත් යටතේ එක්කරලා බලන්න. මාර්ග කීපයක සාර්ථක වෙන්න පුළුවන්.

:       2       7

සපුමල් Monday, 16 January 2023 07:04 PM

කරොත් කරන්නේ හොර මගඩි, වංචා, තක්කඩි වැඩ, එහෙම නැත්නම් තුට්ටු දෙකේ පීචං වැඩ. මරි මෝඩ මැටි මෝලෙක්. සංචාරක කර්මාන්තය දියුණු කිරීම කරන්න ඕනේ නම් දාන්නකෝ පාසිකුඩා පැත්තට කෝච්චියක්. එහෙම නැතිව වග පැත්තට සංචාරකයින් ගිහින් රබර් කිරි කපන්නද​? මෝඩ මැටි උලමා ටියුෂන් දීපු අයට මොනවා වුණාද දන්නේ නෑ. අනික කෝච්චියක් අලුත් ගමන් වාරයක් දාලා ඒක විවෘත කරන, ඒ සඳහා තව තවත් ජනතා බදු මුදල් වියදම් විනාශ කරන ගොන් තඩියන් ඉන්න ලෝකේ එකම රට මේ අම්මට සිරි ලංකාව වෙන්ටැති. මිනිස්සු බන්දුලගේ මව් පියෝ සිහි කරන එක නවත්තන්න පුළුවන්යෑ ඉතින්.

:       2       14

නිළමේ හිදුරංගල Monday, 16 January 2023 07:49 PM

ඇත්තෝ කති බොති. නැත්තෝ සුසුම් ලති. සුද්දා හදාදුන් කැළනිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට ඉදිරියට තිබුණු ඕපනායක දක්වා කොටස දේශපාලන හිතවතුන්ට ලොරි යොදාගෙන ආදායම් ලැබීමටත් දුම්රිය මාර්ගයේ මැණික් ගැරීමට අවශ්‍යතාවත් මත සමගි පෙරමුණේ රජය 1976 වර්ෂයේ හෝ ඉන්පෙර වසා දැමීමට එකල පාර්ලිමේන්තුවේ සිටි දැනටත් පාර්ලිමේන්තුවේ සිටින ආදී මන්ත්‍රී පිරිස කටයුතු කළා...

:       0       12

තිලකරත්න Tuesday, 17 January 2023 06:18 PM

මෙහෙම දේවල් නිසා තමයි පිටස්තරයො දුර ඈත ප්‍රදේශවල අපේක්ෂකයින් ලෙසට පත්කිරීම නොකලයුතුය.

:       0       0

chandima Tuesday, 17 January 2023 12:46 AM

රටේ වැදගත් නිල උත්සව වලට යද්දී වත්තේ පොල් අහුලන්න යනගමන් වගේ නැතුව ඇමතිලටත් හරියට නිල ඇඳුමක් ඇඳගෙන යන්න අනිවාර්‍ය කලානම් නරකද.?

:       1       5

silva Tuesday, 17 January 2023 06:16 AM

නිකන් බොරු වැඩ.

:       1       3

P. D Goonawardena Tuesday, 17 January 2023 07:46 AM

ජාතික අපරාධ....... පාරවල් පාට කලා වගේ වැඩක්....

:       1       4

Kumara Tuesday, 17 January 2023 11:24 AM

ඕක කොහොමත් යන එකක් .බැනර් එක විතරයි අලුත්

:       1       0

bansa Tuesday, 17 January 2023 12:58 PM

මංගල ගමනෙන්ම වැඩේ අවසන්.මේවා බොරු වැඩ .කාර්යාල,දුම්රිය නැතුව මොන ඔඩිසිද

:       1       3

Nimal Tuesday, 17 January 2023 04:43 PM

මේ වගේ දේවල් කරන කොට ඩොලර් ගන්න විදියට කරන්න .එක කෝච්චියක් ඔඩිසි කියලා වෙන්කරගන්න.ඒක හිල්ටන් එක ලග ස්ටේශන් එකෙන් පටන් ගන්න .එක දවසක් සීතාවක අනෙක් දවසෙ පින්නවල ඔය විදියට කෙටි දුර සතියෙ දවස් 7ට trip 7 ක් ඩොලර් වලට සෙට් කර ගන්න හොටල් වලට කතා කරලා

:       1       4

nihal Wednesday, 18 January 2023 12:11 AM

අනේ ඉතින් ලොකු වැඩක් කරලා.

:       1       0

බද්රානි Wednesday, 18 January 2023 10:24 AM

දිනපතා රැකියාවලට යන මගීන්ගේ දුම්රිය වාර අවලංගු කරලා, මේ මොකක්ද නටන නාඩගම? අනික අලුතෙන් දුම්රියක් පටන් ගත්තාම ඒකට දේශපාලන පිස්සෝ සහභාගී වෙන්නේ මේ ගවයින්ගේ රටේ විතරයි.. ඇත්තටම ඔයාලට මොකද මේ වෙලා තියෙන්නේ ???

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 549 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site