
(ශාන්ත රත්නායක)
පන්සල්, පල්ලි ,කෝවිල් අඳුරේ, ජනතාව මත බර පටවන, විදුලි බිල,ජල බිල හා ඉන්ධන මිල පහත දමන ලෙස බලකරමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් ගැනීම කොළඹ කොටුව බෝගහ අසල දී අද පැවැත්විණි.
ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතන හිමියන් අදහස් දක්වමින් පැවසුවේ ජීවන බරෙන් ගෙල මිරිකා සිටින ජනතාවට විදුලි සැර වැද්දමින් ආණ්ඩුව විදුලි බිල අහස උසට වැඩි කර ඇති බවයි.
මිය යෑමට පණ අදින ජීවිතවලට ජීවය දෙන ඖෂධ මිල වැඩිකිරීමෙන් ජනතාවට මරණය ම වැළඳ ගැනීමට ඉඩ සලසා ඇති බව ද ඒ හිමියෝ කියා සිටියහ.
පන්සල්,පල්ලි කෝවිල් ආදී ආගමික ස්ථානවලට 550% න් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් එකී ආගමික මධ්‍යස්ථාන අඳුරට හෙළා ඇති අතර එම ආගමික මධ්‍යස්ථානවල විදුලි බිලේ බරක් බැතිමත් ජනතාව මත පටවා ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහම අසාධාරණ ලෙස විදුලි, ජල බිල වැඩි කිරීම කිසිසේත්ම අනුමත කරන්න නැහැ. නමුත් පහුගිය ජනාධිපතිවරනයේදී බොහෝ පන්සල්වල පොහොට්ටුවට කඩේ ගියා.
විදුළිබලමන්ඩලයේ වෙලා තියෙන දුෂණ වළක්වන්නේ නැතිව මේ බරත් මහජනයා මත පැටවීම හරිම අසාධාරණයි.
ඇයි, ආගමික ස්ථාන වලට පමණක් විශේෂයක්. විදුලිය පාවිච්චි කළා නම්, බිල ගෙවන්න දැනගන්න ඕනා. ලෝකෙට පේන්න පුළුවන් තරම් ලයිට් දාගෙන ඉඳලා අවසානයේ රජයටද ඒ පාඩුවත් දරා ගන්න කියන්නේ. රජය ඒ පාඩුව දරනවා කියන්නේ මහා ජනතාව මත ඒ අනුන්ගේ විදුලි බිලේත් බර පැටවෙන බවයි. මේ පුජකයින් තමයි පිනට කකා ලංකාව විනාශ කරන්නේ.
මෙි ගැටලුවට මැදිහත් වෙන්න අරගලයේ ඇත්තන්ට ශ්‍රීලංනීති සංගමයට උත්කෘෂ්ට අවස්ථාවක්!
රෑ එලිවෙනකන් විදුලි බුබුලු දාගෙන අලංකාර සෝබන දාගෙන අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි කඩාගත්ත කාලය මෙහෙම හරි නිමා විය යුතුයි !!!!!
පන්සල් පල්ලි වල බර තුන් වේල කන්න නැති මින්නිස්සුන් ගේ කරේ පටවන්න කියලද කියන්නේ. මේ වෙලාව පන්සල් පල්ලි වලට මිනිස්සු එකතු වේල කන්න දෙන්න නෙවයි. පන්සල් පල්ලි එකතු වෙලා එකතු කරගත්තා සල්ලි වලින් මිනිස්සුන්ට කන්න දෙන්න. මෙච්චර කල් පන්සල් පල්ලි වලට කන්න දුන්නනෙ. කුහක වෙන්න එපා. බිල දරන්න බරිනම් අඩුවෙන් පාවිච්චි කරන්න. සාධාරණ වෙන්න.
පන්සල්, පල්ලි වල ලවුඩ් ස්පීකර් හරහා කෙරෙන ගෝෂාව නවතා ගැනීමෙන් විදුලි බිල අඩු කර ගත හැක.
ඔයවගේ බොරුවට ලයිට් දාගෙන විකාර කරන ඒවා නවත්වන්න ඕනෑ. දැන් බෑලු බිල ගෙවන්න. අනිවාර්යයෙන් ගෙවන්න ඕනෑ.
විශේෂත්වයක් නෑ. මේක හැමෝටම අමාරු කාලයක්... ඉතින් විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා විදුලිබිල අඩුකර ගන්න උත්සාහ කරනවා මිසක් ඒ බර රජයට දැම්මාම අන්තිමේදී ඒ බර ගෙවන්න වෙන්නෙත් සාමාන්‍ය මහජනතාවට... බොහෝ තැන්වල සිදුවන සෝබන වැඩ, ආගමික නායකයින් අනුමත කළ දේ නෙමෙයි. ප්‍රතිපත්තියටයි මුල්තැන දිය යුත්තේ...
දේශපාලුවන්ට නම් අවුලක් නැතිව ඇති. ඔවුන්ගේ බර ජනතාවගේ කරට පටවලානේ තියෙන්නේ..?
Pay for the consumption .... nothing else ...
ෙවිදුලිබිල වැඩිවීමේ ජනතා අවදානය වෙනතකට හරවන්න නටන නාඩගමක් මේක. විලිලැජ්ජවක් නැතිව කඩේ ගිය හාමුදුරුවෝ විදුලි බිලෙන් සහනයක් ඉල්ලනකොට මිනිස්සු නම් කියන්නේ "අනේ සාදු ඕකුන්ට යස වැඩේ" කියල. දවස පුරාම ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන ගමටම වදයක් උනු ආගමික ස්ථාන නිසා තව සමහරු කියන්නේ පන්සල් පල්ලි වල විදුලිබිල තව තවත් වැඩිකරන්න කියල.
මෙච්චර කල් මිනිස්සු පාරට බැහැලා අරගල කරද්දී ඔහේලා රාජපක්ෂලාට කඩේ ගියා. දැන් තමන්ගේ සාක්කුවට තට්ටු වෙද්දී තමයි පාරට බහින්නේ...!
cut power immediately to any religious place including Sobitha's luxury bungalow, if they do not pay their bills.
පන්සල් පල්ලි කෝවිල් කිව්වම, සමහර ආගමික ස්ථාන තියෙනව අඩු ධාරිතා විදුලි බුබුලු පාවිච්චි කරන. ඒ උන් වහන්සේලා අඳුරෙ ඉන්න බැහැ කියල කවදාවත් කියන්නැති වෙයි. මේ අය හැමෝම ලොකු ලොකු පන්සල් වලින් එලියට වැඩම කල අය, අඳුරට බයේ. ගමේ අසරන අයටත් පිහිටක් වෙන්න තරම් පිං පෙට්ටි වල එකතු වෙනවනෙ සල්ලි.
විදුලි බිල අඩුකරනවා නෙමෙයි, ඔය තැන්වල තිබෙන ලව්ඩ් ස්පීකර්වලට විශාල බද්දක් අය කරන්න ඕනේ. එවිට රජයට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්...!
විදුලි බිල වැඩියිනම් පන්සල් පල්ලි උනත් ඒක අඩු කරන්න මොකක් හරි පිලියමක් යොදාගන්න ඕන විදුලි බිල අඩුකරගන්න. පන්සල් පල්ලි කියල එව්වට සහන දෙන්න ඕනෙ කියල මම හිතන්නෙ නෑ. විදුලි බිල අඩුකරනවනම් සාමාන්‍ය මිනිස්සුනටත් අඩුකරන්න ඕනෙ.
ගෙවල්වල කන්න බොන්න අඳින්න නැති වුණත් ණයවෙලා හරි ගෙඩිය පිටින් පූජාකරපු කාලේ අවසානයි...!
මනුස්සයින්ට රටට ජනතාවට මොන දුශ්කරකම් තිබුනත් දියව් දියව් අපිට දියව් ... මෙවගෙ දේවල් රටකට අවශ්‍ය නැහැනෙ !
උදෙන්ම නැගිටලා වැඩ පටන් අරගෙන සූර්යාට වන්දනා කරලා ඉර එළිය තිබෙන තුරු වැඩපොළ කරගෙන ඉර බහිනකොට සුන්නාගරයට වෙලා භාවනා යෝගීව හිටියෙ නැත්නම් නිවන් කෙසේ වෙතත් අඳුරෙම තමා ඉන්න වෙන්නේ. දැන් ගිහියන්ට කන් දෙන්න කාලය ඇවිත් තියෙන්නේ.