රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවට යාපනයේ සිංහල වැසියෝ පවසති.
උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරුවල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කර ගම්වල නම් සඳහන් නොකරන ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් උතුරේ පළාත් පාලන නිලධාරීන් සඳහා වූ රැස්වීමකදී පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
විදේශිකයින් විශාල පිරිසක් පැමිණෙන බැවින් නාම පුවරුවල පළමුව දෙමළ භාෂාව ද දෙවනුව සිංහලයෙන් ද අවසානයට ඉංග්‍රීසි භාෂාවෙන් ද සඳහන් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කර ඇත.
එම ප්‍රකාශයන්ට අනුව මේ දිනවල උතුරේ බොහෝ ස්ථානවල ග්‍රාම නාම හා ස්ථානීය නාම වෙනස් කර නව පුවරු සැකසීමේ කටයුතු මේ දිනවල පටන්ගෙන තිබේ.
නමුත් එම නාම පුවරු සකස් කිරීමේ කටයුතු දෙමළ නිලධාරීන් සිදු කරන හෙයින් දෙමළ නිලධාරීන් නාම පුවරුවල සිංහල තේරුම පිළිබඳව දැනීමක් නොමැතිවීමෙන් මෙම ගැටලුකාරී තත්වයන් උද්ගතව ඇත.
එමෙන්ම යාපනයේ සිටින සිංහල ජනතාව කියා සිටින්නේ නම යෙදීම කුමන පිළිවෙළකට සිදු කළත් ඒවායෙහි සිංහල යෙදීමේදී නිවැරදිව සිංහල යෙදීමට දන්නා අයෙකුගේ හෝ සහය ලබාගත යුතුව ඇති බවටත් දිනපතා යාපනයට පැමිණෙන සිංහල බැතිමතුන් ද දැඩි අසීරුතාවයන්ට පත්වන බැවින් අදාළ ගැටලුකාරී තත්වයන් හැකි ඉක්මණින් නිවැරදි කිරීමට උතුරු පළාත් සභාව පියවර ගත යුතු බවටත්ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටම විකෘති කරලා නොවැ තියෙන්නේ ඉතින් ඕක මොකක්ද?
නාම පුවරු සැකසීම එක ආයතනයකින් කළා නම් ප්‍රශ්නේ ඉවරයි.
මේ වැඩේ හැකි ඉක්මනින් නිවැරදි කල යුතුයි. නැත්නම් වෙන්නේ මේකත් අල්ලාගෙන එක කට්ටියක් අන්තර් ජාලයේ විශාල කලබලයක් ගෙනයාවි " හිටපු කට්ටිය ආපහු ගෙනාවොත් මේවගේ දේවල් වෙන්නේ නැහැ" කියල.
ගනන් ගන්න එපා එපා ඕවා සුළු දේවල් මේ වෙච්ච දේවල් වල හැටියට
රටක ජාතියක සංස්කෘතියක මළගමේ අවසාන මොහොතට පැමිණ ඇත. මේ ගසන්නේ ඒ රටේ ජාතියේ සංස්කෘතියේ අවසන් කටයුත්තට පෙර පෙට්ටියට පියන තබා ගහන්නට යන ඇණ කිහිපයයි.
අණ්ඩර දෙමළද මේවා ?
මොකක්ද මේ රටට වෙලා තියෙන්නෙ ඇයි මේ විදිහට භාෂාවක් බාල්දු කරන්නෙ අපහාස කරන්නේ.
මේවා ඉන්ටෙර්නෙට් පරිවර්තන වෙබ් අඩවියකිනුත් හදාගන්න තිබුනා නේ...
මේක නම් අත්වැරැද්දකින් වෙච්ච දෙයක් නොවෙයි.
නොදන්න සිංහල ලියන්න ගිහින් මහ ඇමති වරිගේ නසාගන්න වගේ හදන්නේ...
ඇයි සිංහල මුලට නැත්තේ...? එහෙමනම් අනිත් පළාත්වල දෙමල කතා කරන අය ඉතා අවම බැවින් සහ දෙමළට සාපේක්ෂව ඉංග්‍රීසි කතාකරන වැඩි නිසා සිංහල මුලට ඉංග්‍රීසි දෙවනුව සහ දෙමල තෙවනුව විය යුතුයි. එහෙම නැත්නම් මුළු රටේම ඉංග්‍රීසි පළමුව සිංහල දෙවනුව සහ දමිල තෙවනුව විය යුතුයි.
මේ අවුරුදු දෙක තුනට මෙහෙම නම් ඉදිරියට කොහොම වෙයිද ..?
ගූගල් පරිවර්තනයේ විපාක
රටකට ගිය කලක්! සිංහල රජය බස, කොලේකට සිමා විය.
මෙය යාපනේ පමනක් සිදුවන දෙයක් නොවේ. අනෙක් පලාත්වලත් සිදුවෙනවා. මෙය බොහෝවිට මෙලෙස වෙනවා.
ඔය මොනවා කළත් මම විධායක බලතල අතට ගත්තාම ස්වයං පාලනයක් දෙනවා දෙනවාමයි. ඒ වුණත් ඔයවගේ සංදර්ශන පවත්වන එක හොඳයි. මොකද මට එන්න බැරි වුනොත් මෝඩ සිංහලයින් කුලප්පු කරලා අායෙත් ගොඩ නොඑන්න කළු ජූලියක් පටන් ගන්වන්න පුළුවනි.
දැන් හරි මේ පළාත් සභා ක්‍රමය අහෝසිකලයුතුයි. මේ විග්නේශ්වරන් දේශපාලනයට එන්න කලින් හොඳින් හිටියා.
මේ මොන කතාද කියන්නේ. ඒකීය රටක හැම දෙයක්ම රජයට ඕන විදිහටයි වියයුත්තේ. ඉස්සරහට මොන මොන ඒවා වෙනස් කරන්න කියයිද දන්නේ නැහැ.
මේ මොන කතාද කියන්නේ...? ඒකීය රටක හැම දෙයක්ම රජයට ඕනෙවිදිහටයි වියයුත්තේ... ඉස්සරහට මොන මොන ඒවා වෙනස් කරන්න කියයිද දන්නේ නැහැ.
අර්ථ පරිවර්ථනය කර ගම්වල නම් සඳහන් නොකරන කොට කොහොමද සිංහලයෝ ඒ ගම්වල සිංහල නම් දැනගන්නේ....? මේක සිංහල නම් උතුරෙන් අතුගා දැමීමට කරන උපක්‍රමයක්. තව අවුරුදු පනහකින් කියයි උතුරේ සිංහලයෝ ඉඳලම නැහැ. ඔක්කොම දමිල ජනාවාස තමයි තිබුනේ කියලා. ඔය ගම්මානවල අපේ අතීත නම් ඒ අකාරයෙන්ම සඳහන් කළයුතුයි. දැනටමත් දමිළ නිජබිම යයි කියමින් වෙනම රජයක් ඉල්ලන මොවුන්ට අනාගතයේදී හෝ එය ලෙහෙසියෙන්ම ඉෂ්ට කරගනීමට කරන කුට උපායක් මේක...
මේ මොකක්ද මේ...
ඔව් ලුම්බිණි, වෙනම අමාත්‍යන්ශයක් කරලා ඇමතිකෙනෙක් පත් කරමු
අපිට සිංහල අමතක වෙනවා මේවා දැක්කම....
දේශපාලකයන් ඉන්නා තුරු ඔය කියන සංහිඳියාව කිසිදාක ඇති කල නොහැක. ඔවුන් ඇතිවන සංහිඳියාව පවා විනාශ කිරීමට කටයුතු කරයි. ඒ ඔවුන්ගේ පැවැත්ම සඳහායි. සංහිඳියාව ඇති කල හැක්කේ එකිනෙකාට පොදු වූද එකිනෙකා ගරුකරන්නා වූද මාධ්‍යයන් හරහා මිස දේශපාලකයන් මුල් කරගෙන නොවේ. එය උතුරු කොනේ ඔබ හිනැහේ සෙල්ලම්මා නංගියේ දකුණු කරේ ඔබ හිනැහේ සුමනසිරී මල්ලියේ කිවූ පමණින් ඇති වන දෙයක් නොවේ. ක්‍රීඩාව , සාහිත්‍ය, කලාව, පොතපත, සමාජ ජාලා, එකිනෙකාට පොදු වූ මධ්‍ය ලක්ෂයන් තෝරාගන ඒ ඔස්සේ එකෙනෙකා තුල පවතින බැඳියාව වැඩි දියුණු කිරීම. උදාහරණ ලෙස ක්‍රිකට් ක්‍රීඩාව සෑම ජාතිකයන්ම එක ලෙස ආදරය කරන අතර මුත්තයියා මුරලිදරන් මහතා හරහා සිංහල ජනසමාජය, මුස්ලිම් ජන සමාජය තුල උද්යෝගය ඇති කිරීම ද රොෂාන මහානාම, මහේල ජයවර්ධන යන මහත්වරුන් හරහා දෙමළ ජනසමාජය තුල ප්‍රබෝදයක් ඇති කිරීම කල යුතුය...මෙය එක් උදාහරණයක් පමණි..
හිතලම කරලද මන්දා
හා..හා... හා !!! විහිළු ගොඩයි
තේරෙන්නේ නැද්ද ? එක ආයතනයකින් තමයි කරන්නේ. ඒ උතුරු පළාත් සභාව.
අනෙක් පළාත්වලත් ඔහොම තමයි. මම හිතන්නේ මේ පුවරු සැකසීමේ ව්‍යාපාරය කරන්නේ වෙනත් ජාතිකයින්. නිසි අවබෝධයක් නොමැතිව කරන නිසා වැරදි වැඩියි.
කාට හරි තේරෙන්නේ නැද්ද මේක ඕනකමේ කරපු එකක් කියලා. අමාරු වචන හොදට ලියලා. මුල එක වරද්දලා.
ඇත්තටම ම ගිය පළමු යාපන සංචාරයේදී මට දැනුනේ ලංකාවේ සිටින හොඳම මිනිසුන් ඉන්නේ යාපනේ කියා. ත්‍රිරෝද රථයක නැගී තැනක් හොයා ගෙන එක එක්කගෙන අහගෙන යම් කිසි දුරක් මට යන්න උනා. අවසානේ කියක් ගෙවිය යුතුදැයි විමසු විට, එම පුද්ගලයා පැවසුවේ කියක් හරි දෙන ලෙසයි. එම ක්‍රියාවම කොළඹ හෝ නුවර වගේ පැත්තක වුනා නම්, රථ හිමිය ඉල්ලන ගාන අපට දෙන්න සිදුවෙනවා මෙය එක අවසථාවක් පමණි.
රටක රාජ්‍ය ආයතනයකින් මෙවැනි වැඩක් කරද්දී මොනතරම් සොයාබලා කළයුතුද? රටේ පළාත්පාලන අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය... මෙවැනි කටයුතුවලදී අදාළ පළාත් පාලන ආයතන සහ එහි කටයුතු සම්බන්ධයෙන් මගපෙන්වන්නේ නැද්ද? සිංහල භාෂාව නොදන්නා නිලධාරීන්ට නොදන්නා දෙයක් ගැන තම ස්වකැමැත්තට අනුව මෙසේ කටයුතු කල හැකිද? රටේ ජනතාවගෙන් ලබාගන්න බදු මුදලින් පඩි ගෙවන්නේ මෙවැනි දැනුමක් නැති රජයේ සේවකයන්ටද? අවුරුදු 26ක් පමණ විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි කරගෙන, රට සුරපුරයක් කළහැකිව තිබූ මහා ධනස්කන්ධයක් වියදම් කරගෙන යුද්ධය අවසන් කර රට එක්සේසත් කලේ මෙවැනි හිතුමතේ වැඩ කරන්න අවසර දීමටද? එක කොඩියක් නම් එක භාෂාවක් පමණයි... රටේ භාෂාව වියයුත්තේ... ප්‍රාදේශීය කොඩි විශාල ගණනක් තිබිය හැකිලෙස ප්‍රාදේශීය භාෂා ද තිබුණාට කමක් නැහැ. නමුත් ප්‍රාදේශීය භාෂාවක් මහා භාෂාවට ඉහළින් ඔසවා තැබීම සුදුසු නැහැ. රටකට එක ප්‍රතිපත්තියක් එක ක්‍රමයක් තිබිය යුතුයි. එකඑක තැන්වලට එක එක විදියට සැලකීමට යාමෙන් කිසිම පාලනයක් හරියට කරගෙන යාමට නොහැකියි. අැයි මේය කළ නිලධාරින් සිංහල භාෂාව නොදන්නවා නම් මෙවැනි වැඩකදී තම ඉහළ ආයතනවලින් අදහස් නොවිමසා කටයුතු කලේ ඇයි?
වසර 26 ක් යුද්ද කරලා ජයගත්තේ මෙහෙම හිතුමතේට වැඩකරන්න ඉඩ දෙන්නද ? එහෙමනම් ඔය 26 ම යුද්ද නොකර නිකම්ම දීලා දැම්ම නම් අඩුම තරමේ යුද්දෙට ගිය වියදමවත් ඉතුරුයි .
විදුලිබල මණ්ඩලේ පුවරුව නම් හරියටම කරලා තියෙනවා. වනජීවී සංරක්ෂණ එකේ පුවරුව හදහද ඉන්නකොට හදන නිලධාරියාගේ ජීවිත රක්ෂණය දාපු නියෝජිතයා එතනට පැමිණීම නිසා වැරදීමකින් ඔහුගේ නම එහි සටහන්වී තියෙනවා. එසේ නැත්නම් වෙන කිසිම අයුරකින් මෙසේ පරිවර්තනයක් එන්න විදියක් නැහැ...
මේක නොදන්නාකම නෙවෙයි. ගොන්කම.
මේකෙ සිංහල විතරක් නෙවෙයි, ඉංග්‍රීසිත් වැරදියි. Christian කියන එක ලියලා තියෙන්නෙත් වැරදියට.
කොන්ද පණ ඇති නායකයෙක්.... රටට නැති එකේ කරුමේ...
මේක හිතා මතා කරපු වැඩක්. රටේ සල්ලි ටිකත් නාස්ති කරලා. ඒ අය පෙන්නන්න හදනවා යාපනේ අය දන්නේ දෙමල විතරයි කියල.
බොහොම ඉස්සරනම් සිංහලයෝ මේවට හොඳ පිළිතුරු දුන්නා. දැන් අපි නිවටයෝ වෙලා
තව මාස 12 ක් බලන් ඉන්න වෙනවා.
මේවගේම කතාවක් දකුනෙත් කීවා. මතකද පස්දුන් කෝරලේ නම හැදුන හැටි කිව්වා?
උතුරේ සිංහල පුවරු ලිවීමේදී විකෘති වීම්, දකුණේ දෙමළ පුවරු ලිවීමේදී විකෘති වීම්, හරි හමං සිස්ටම් එකක් නැතුව හැම කෙනාටම ඕනෑ වගේ වැඩ කරන හින්දයි ඕක වෙන්නේ. රජයේ පුවරු සියල්ලන්ම එකතැනකින් සිදුවිය යුතුයි, එහි සියළුම භාෂා දන්නා අය සේවය කළ යුතුයි.
පළමුව ලිවිය යුත්තේ සිංහලෙනි. ඉන් පස්සේ අනෙක් භාෂාවලින් ලියුවට කමක් නැත.
අැත්තටම බැලුවොත් දකුණෙත් ඔය ටිකම තමයි. භාෂාව හොඳින් දන්නා අය නම් ඕක දන්නවා. දැන්වීම් පුවරු විතරක් නොවෙයි පත්තරවල බස, රූපවාහිනීවල, ගුවන් විදුලියේ බස ගැනත් හිතන්න. කොළඹ තිබෙන දැන්වීම් පුවරු විතරක් නොවෙයි ඇතැම් උසස් අධ්‍යාපනය කෙරෙන ආයතන නම් කර ඇති ආකාරය බලන්න. ඒවායේ සිටින උගතුන් ද ඒ බැව් නොදනී. අන්තර්ජාල බස ගැන නම් කියන්නට දෙයක් ම නැත.
මම හිතන්නේ තවමත් මේවා නිවැරදි කරන්න පියවරක් අරන් නැහැ. රජයට එහෙමත් නැතිනම් ජනාධිපතිතුමාට බැරිද පළාත් සභාවට දන්වන්න වහාම මේ පුවරු නිවැරදි කරන්න කියලා. අනික උතුරේ ආණ්ඩුකාරයත් සිංහලයෙක්, එතුමාටවත් බැරිද මේ ගැන පියවරක් ගන්න.